පාප් වහන්සේට යැවුවැයි කියන ව්‍යාජ ලිපිය ගැන පරීක්ෂණයක් කරන්න | දිනමිණ


 

පාප් වහන්සේට යැවුවැයි කියන ව්‍යාජ ලිපිය ගැන පරීක්ෂණයක් කරන්න

සිය අත්සන ව්‍යාජ ලෙස යොදා ගෙන පාප් වහන්සේට යැවූ බවට සමාජ ජාල තුළ සංසරණය වන ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (07) ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ ලිපි ශීර්ෂය හා තම අත්සන ව්‍යාජ ලෙස එම ලිපියට යොදා යොදාගෙන සකස් කර ඇති බව ඇමැතිවරයා පෙන්වා දෙයි. අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පිළිබඳව චෝදනා කරමින් පාප් වහන්සේට තමා යවනු ලැබුවේ යැයි කියන සමාජ ජාලවල හුවමාරු වන ලිපිය ව්‍යාජ එකක් බව ද මංගල සමරවීර මහතා සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමේ ද මේ බව සඳහන් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමැතිවරයා සඳහන් කරයි.

නව අදහස දක්වන්න