ත්‍රස්ත ප්‍රහාරයට තේරීම් සභාවක් ඉල්ලුවේ එජාපය නොවේ | දිනමිණ

ත්‍රස්ත ප්‍රහාරයට තේරීම් සභාවක් ඉල්ලුවේ එජාපය නොවේ

කමනි අල්විස්

පාස්කු සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍ය බවට ලිඛිත ඉල්ලීමක් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවැසීය.

පාස්කු සිදුවීමට තේරීම් කාරක සභාව පත් කළේ ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල කිරීමට දැයි මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවට තේරීම් කාරක සභාව පත් නොකළ බව පැවැසූ මන්ත්‍රීවරයා තේරීම් කාරක සභාව තුළින් සත්‍ය ජනගත කිරීමට අවස්ථාවක් ලැබී තිබෙන බවත් පැවැසීය. මේ සිදුවීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයට දොස් පැවරීමට විපක්ෂය දිගින් දිගටම ක්‍රියා කළත් විනිවිදබවකින් තේරීම් කාරක සභාවේ කටයුතු සිදු කෙරෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (7) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී මන්ත්‍රී හේෂා විතානගේ මහතා මේ බව පැවැසීය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද සහභාගි විය.


නව අදහස දක්වන්න