ඇසළ පෙරහැරට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් | දිනමිණ

ඇසළ පෙරහැරට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මෙවර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර පැවසුවේ, මෙවර පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 5500 ක් පමණ රාජකාරියේ යෙදවීමට නියමිත බව ය.

මේ අතර අගෝස්තු මස 02 වැනි දා උදෑසන 05.10 ට උතුරු දිශාභිමුඛව සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය ආරම්භ කෙරෙන අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 05 වැනි දා රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනු ඇති.

පුරා දින තුනක් සිව් මහා දේවාලයන් තුළ අභ්‍යන්තර පෙරහැර 05 ක් පැවැත්වීමට නියමිතයි.

නව අදහස දක්වන්න