ජාතික බුද්ධි අංශ ප්‍රධානි ඉල්ලා අස්වෙයි | දිනමිණ

ජාතික බුද්ධි අංශ ප්‍රධානි ඉල්ලා අස්වෙයි

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් සිය ධුරයෙන් අස්වී තිබේ.
 
මේ වන විට ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ.
 
සෞඛ්‍යය හේතු මත තම ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු සඳහන් කර ඇත.
 
ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ ඒ බව තහවුරු කරමින් සඳහන් කළේ, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබී ඇති බවයි.
 
සෞඛ්‍ය හේතු මත පසුගිය පළමු වන දා සිට ජාතික බුද්ධි ප්‍රධානී ධුරයෙන් ඉවත්වන බව මෙන්ඩිස්  සිය ලිපියේ සඳහන් කර තිබේ.
 
ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ  සඳහන් කළේ පුරප්පාඩු වී ඇති ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා නිලධාරියකු පත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.
 
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සිසිර මෙන්ඩිස් පසුගියදා සාක්ෂි ද ලබාන්නේ ය.

නව අදහස දක්වන්න