දඹුලු නාහිමිගෙන් කප්පමක් ඉල්ලූ 03ක් අත්අඩංගුවට | දිනමිණ

දඹුලු නාහිමිගෙන් කප්පමක් ඉල්ලූ 03ක් අත්අඩංගුවට

දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් රුපියල් කෝටි 10ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ  දඹුල්ල පොලීසිය මඟින් විසින්.

පසුගිය මැයි 21වනදා උන්වහන්සේට ජවාඩ් සංවිධානය නමින් දුරකථන ඇමතුමක් ලබා දී මරණ තර්ජන එල්ල කරමින් කෝටි 10ක කප්පම් මුදල ඉල්ලා ඇත.

විමර්ශනයකින් පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් 16, 25, 34 වයස්වල පසුවන්නන් බව අනාවරණය වී ඇත.

එහිදී අපරාධයට යොදාගත් බව කියන ජංගම දුරකථන 03ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නව අදහස දක්වන්න