ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද දිවයිනට | දිනමිණ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.

සිය මාලදිවයින් රාජ්‍ය සංචාරය අවසන් කරමින් මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙරවරු 11 00ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීමට නියමිතව ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයට එක්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආරාධනයකට අනුවයි.

නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය දහවල් 12 යි 15 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.

පස්වරු 03.00ට ඔහු සිය සංචාරය අවසන් කර යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය හේතුවෙන් අද පෙරවරු 11 සිට පස්වරු 03.30 දක්වා කටුනායක සිට කොළඹ දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේය.

නව අදහස දක්වන්න