අලුගෝසු තනතුරට තෝරාගත් අයට වැඩමුළුවක් | දිනමිණ

අලුගෝසු තනතුරට තෝරාගත් අයට වැඩමුළුවක්

(බුද්ධිකා ඉඹුලාන)
 
අලුගෝසු(වධක ) සඳහා තෝරා ගෙන ඇති පුද්ගලයින්ට අද (11) සහ හෙට (12)දෙදින  වෘත්තීය  දැනුවත් කිරීමේ වැඩමුළුවක් , බන්ධනාගාර පුහුණු පාසලේදී පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
 
පසුගිය මාර්තු 27 සහ 28 දෙදින සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව මේ වනවිට පුද්ගලයින් 26 දෙනකු වධක තනතුර සඳහා මූලික සුදුසුකම් සපුරා  තිබේ.
 
රාජ්‍ය සේවාව පිළිබඳව ,වධක රැකියාවේ ස්වභාවය ,රැකියාව සහ සමාජයේ ඒ සම්බන්ධ බලපෑම ආදිය පිළිබඳව මෙම වැඩමුළුවේදී ,සුදුසුකම්ලාභින්දැනුවත් කෙරේ.
 
මෙම  පුහුණුවෙන් පසු පැවැත්වෙන පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබා ගන්නා දෙදෙනකු වධක තනතුර සඳහා බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර එම පුද්ගලයින් දෙදෙනාට වධක කාර්ය භාරය පිළිබඳව ප්‍රායෝගික පුහුණුව ලබා දීමට නියමිතය.
 
වධක තනතුර සඳහා අමෙරිකානු ජාතිකයකු ,කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් 102ක්   අයදුම්කර තිබු අතර ඒවා සළකා බැලීමෙන් අනතුරුව සම්මුඛ පරික්ෂණ සඳහා අයදුම්පත් 79ක් තෝරාගෙන තිබිණි. එයින් 26 දෙනකු  අවසන් වශයෙන් තෝරා ගැණුනු අතර ,මෙම තනතුර සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවා තිබූ බැවින්ඇමරිකානු ජාතිකයාගේ අයදුම්පත ප්‍රතික්ෂේප විණිමේ තනතුර සඳහා  පිරිමි අය පමණක් මේ සඳහා බඳවා ගන්නා බැවින් කාන්තාවන් දෙදෙනාගේ අයදුම්පත්ද ප්‍රතික්ෂේප විණි.  
 
වධක තනතුර සඳහා තොරා ගැනෙන සුදුස්සන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සේවයට යෙදවීමට නියමිත බව අධිකරණ හා බන්ධණාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
 

නව අදහස දක්වන්න