PickMe’s truck අයිඩියල් මෝටර්ස් සමග එක් වෙයි | දිනමිණ

PickMe’s truck අයිඩියල් මෝටර්ස් සමග එක් වෙයි

PickMe සේවාවේ ට්‍රක්රථ එකතුවට නව ට්‍රක්රථ සම්බන්ධ කරගැනීම සඳහා අයිඩියල් මෝටර්ස් සහ PickMe අතර ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. PickMe යනු මෙරට නව තාක්ෂණය පදනම් කරගත් කුලී රථ සේවාවන් අතර සාර්ථකම කුලී රථ සේවාව වන අතර අයිඩියල් මෝටර්ස් සමගම මෙරට තුළ මහින්ද්‍රා රථවාහන සම්බන්ධ එකම නිල නියෝජිතයා ලෙස කටයුතු කටයුතු කරයි. මෙම ගිවිසුම අනුව මහින්ද්‍රා ට්‍රක්රථ මිලදීගන්නා රියදුරන්ට PickMe රියදුරු එකතුවට එක්වීමේ අවස්ථාව හිමි වේ.

අජිත් ගුණවර්ධන සහ රුචි ගුණවර්ධන වැනි ව්‍යාපාරික ලොවේ ප්‍රවීණයන් සහ LOLC වැනි ප්‍රමුඛ පෙළේ සමාගම්වල දායකත්වය සමගින් කළමනාකරණය වන PickMe සමාගම පසුගිය කාලය තුළ තවත් ශ්‍රී ලාංකික සමාගම් හා ආයතන කිහිපයක් සමඟ අත්වැල් බැඳගැනීමට කටයුතු කළ අතර, එලෙස PickMe සමඟ අත්වැල් බැඳගත් නවතම හවුල්කරු වන්නේ අයිඩියල් මෝටර්ස් ය. PickMe සමාගම හඳුන්වා දුන්, සම්මාන දිනූ App එක මගින් අවශ්‍ය අවස්ථාවන්හි දී සැහැල්ලූ‍ ට්‍රක්රථ සහ මූවර් වර්ගයේ ට්‍රක්රථ කුලී පදනම මත ලබාගත හැක. මෙය පුද්ගලයන්ට මෙන්ම ව්‍යාපාරවලටද භාණ්ඩ හා ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ඉතාමත් සුරක්ෂිත, සහනදායී හා පහසු ක්‍රමයක් බවට පත්වී තිබේ.

‘‘‍අපගේ මෙම සේවාව ඉතාමත් විධිමත් හා කාර්යක්ෂම ප්‍රවාහන විසඳුමක්. මෙය භාවිත කරන පුද්ගලයන්ට අදාළ App එක හරහා GPS තාක්ෂණය මගින් තම භාණ්ඩ ප්‍රවාහනය වන ආකාරය නිරීක්ෂණය කිරීමට පුළුවන්. අප ඔවුන්ට සහනදායී ගාස්තු යටතේ ඉතාමත් කාර්යක්ෂම හා විශ්වාසදායක සේවාවක් ලබාදෙනවා. මේ ආකාරයට විවිධ භාණ්ඩ හා ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වන පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් මෙම සේවාව භාවිත කළ හැකියි. ඉදිරියේ දී අප සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම සේවාවන් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. අයිඩියල් මෝටර්ස් සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය ඒ සඳහා අපට මනා පිටිවහලක් වේවි.”‍ PickMe සමාගමේ ප්‍රධාන ක්‍රියාකාරී නිලධාරී ඉසිර පෙරේරා මහතා පැවසී ය.

නව අදහස දක්වන්න