ඊබ්‍රාහිම්ගේ සළකුණු කුරානයේ ඇත්දැයි පරීක්ෂණ | දිනමිණ

ඊබ්‍රාහිම්ගේ සළකුණු කුරානයේ ඇත්දැයි පරීක්ෂණ

(සුභාෂිණි‍‍ ‍සේනානායක)

ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු බවට සැකකෙරෙන ඊබ්‍රාහිම් ඉර්හාම් මොහොමඩ් යන අයගේ අතුල් සහ පතුල් සළකුණු කුරානයේ ඇත්දැයි ඩී එන් ඒ පරීක්ෂණයක් මගින් හඳුනා ගැනීමට ඔහු සිටි නිවසේ තිබි අත්අඩංගුවට ගත් කුරාණය සහ සැකකරුගේ ශරී‍ර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි රහස් පොලිසිය අද (12) කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර හමුවේ දැනුම් දුන්නේය.

අච්චාලචේන ජලාල්දීන් පාරේ පිහිට නිවස පරීක්ෂා කළ බවත් ඔහු සමග් රැදි සිටි බවත් අවි පුහුණුව ලැබු බව කියන මොහමොඩ් ෂයින් මොහොමඩ් රිස්වි යන රඳවා ප්‍රශ්න කිරිම් සිදු කරන බවත් ඔහුට අයත් රයේ සහ පුදිග්ලික බැංකුවල ඇති ගිණුම් පරීක්ෂා කිරිමට අවසර ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

හම්බන්තොට සිත්තිකුලම් හි පිහිටි ඔහු රැදි සිටි නිවසේ අවි ආයුද ගබඩාවක් තිබි ඇති බවත් ෂැංග්‍රිලා බෝම්බකරුවක් වන ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහාමඩ් සහරාන් යන අයගේ බිරිඳ වන අබ්දුල් කාදර් කාදියා යන අයගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම් වලට අනුව විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

ඇයගේ ප්‍රකාශ වලට අනුව ඉකුත් අප්‍රේල් මස 14 වන දින සැකකරු රැදි සිටි අච්චාලචේන ජලාල්දීන් පාරෙ පිහිට නිවස පරීක්ෂා කළ බවත් ඔහු සමග් රැදි සිටි බවත් අවි පුහුණුව ලැබු බව කියන මොහමොඩ් ෂයින් මොහොමඩ් රිස්වි යන රඳවා ප්‍රශ්න කිරිම් සිදු කරන බවත් එම ප්‍රකාශ වලට අනුව කාතන්කුඩි පිහිටි ඕල් සිලෝන් නියනතුල් මුෆ්ලිහින් හෙඩ් ඔෆිස් ඇන්ඩ් මෙඩිටේෂන් සෙන්ටර් යන ස්ථානයද පරීක්ෂා කළ බවත් එමෙන්ම සැකකරුවන් රැදි සිටි හෝටල් වල කළමණාකරුවන් ඇතුලු පිරිසකගෙන් ප්‍රශ්න කිරිම් සිදු කළ බවත් පොලිසිය කියා සිටියේය.

එමෙන්ම දුම්මල සූරිය පොලිසිය විසින් අතුඅඩංගුවට ගැනිමෙන් අනතුරුව රක්ෂිතබන්ධනාගාගරගත කර සිට නිදහස් කරනු ලැබු මෙ‍ාමොහමඩ් අමීර් මොහොම්මදු අයතුල්ලාහ් යන පුද්ගලයාද රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරිම් සිදු කරන බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කර ලබන ජුලි මස 10 වනදා අධිකරණයට වාර්තා කරනුනැයි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

නව අදහස දක්වන්න