නේවි සම්පත් ඇතුළු 26 දක්වා යළි බන්ධනාගාර | දිනමිණ

නේවි සම්පත් ඇතුළු 26 දක්වා යළි බන්ධනාගාර

2008 - 2009 වසරවල දී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නාවික හමුදාවේ  ලුතිනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ ඇතුලු සැකකරුවන් හත් දෙනා ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර අද 12 නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.

අනතුරුව විමර්ශණ සිදු කර ඉදිරි දින අධීකරණයට වාර්තා කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිද්ධියට අදාළව වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මකයි.

නව අදහස දක්වන්න