ධවාන්ට ආබාධයක් | දිනමිණ

ධවාන්ට ආබාධයක්

ලෝක කුසලාන තරගමාලාවේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී පන්දු 109කින් ලකුණු 117ක් රැස් කරමින් ඉන්දීය පිලේ ජයග්‍රහණයට විශිෂ්ට දායකත්වයක් ලබාදුන් ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ආබාධයකට ලක්වීමෙන් ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

ඔස්ට්‍රේලියානු තරගය අතරතුර වේගපන්දු යවන නේදන් කුල්ටර්ගේ පන්දුවක් වැදීමෙන් ඔහුගේ වම් අතෙහි මාපටැඟිල්ල තුවාල වූ අතර ඔහු සිය 17 වැනි එක්දින ශතකය කරා ගියේ එම තුවාලය ද සහිතවය.

ධවාන්ගේ ආබාධය පිළිබඳ ඊයේ රාත්‍රී ඉන්දීය පිලේ භෞතචිකිත්සක පැට්‍රික් ෆර්හාට් තීරණයක් ගැනීමට නියමිතව තිබිණ. නමුත් මාධ්‍ය වාර්තාවලට අනුව මේ 33 හැවිරිදි ආරම්භක පිතිකරුවාගේ මාපටැඟිල්ලෙහි පැල්මක් සිදුවී ඇති බැවින් ඉතිරි තරග සඳහා ක්‍රීඩා කිරීම සැක සහිත බවය.

එම තරගයේදී ධවාන් ඔස්ට්‍රේලියානු ඉනිම අතරතුර පන්දු රැකීමට ද නොපැමිණි අතර හෙට (13) නවසීලන්තය සමග නොටින්හැම් හී පැවැත්වෙන තරගයේදී ඉන්දීය පිලට නවක ක්‍රීඩකයකු ආදේශ කිරීමට නියමිත බව වාර්තා වෙයි.


නව අදහස දක්වන්න