මිහින්තලා ‍ලේක්හවුස් ආලෝක පූජාව 15 වැනි දා | දිනමිණ

මිහින්තලා ‍ලේක්හවුස් ආලෝක පූජාව 15 වැනි දා

අනුබුදු මිහිදු මාහිමියන් වැඩම කරවීම සිහිපත් කරමින් පනස් හත්වැනි වරටත් පවත්වනු ලබන මිහින්තලා-‍ලේක්හවුස් ආලෝක පුජා පුන්‍ය උත්සවය අතිඋත්කර්ෂවත් අයුරින් ලබන පහළොස්(15)වැනි දා ආරම්භවේ.

තෙදිනක් පුරා පැවැත්වෙන මිහින්තලා ආලෝක පුජා පුන්‍ය උත්සවය පහළොස් වන(15) දා ආරම්භ වන අතර පොසොන් පොහෝදා(16) සහ දාහත්වැනි(17) දා පැවැත්විමෙන් අවසන්වේ.

මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසකත්වයෙන් හා සිමා සහිත එක්සත් ප්‍රවෘති පත්‍රසමාගමේ(ලේක්හවුස්) සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ උපදෙස් පරිදි ඓතිහාසික මිහින්තලා පුදබිමේදි මෙවරත් අතිඋත්කර්ෂවත් අයුරුන් පැවැත්විමට කටයුතු සංවිධානය කැර ඇත.

ලේක්හවුස් ආයතනය මඟින් පනස් හත්වැනි (57)වරටත් සිදු කරන මෙම උතුම් පිංකම සඳහා සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය ලබා දෙයි. මේ සඳහා ඩයලොග් සමාගම,සිලෝන් බිස්කට් සමාගම,ශ්‍රි ලංකා රක්ෂණ සමාගම,ඩි. එෆ්. සි. සි. බැංකුව,ජාතික ඉතිරි කිරිමේ බැංකුව බැතිබර දායකත්වය ලබාදේ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පුජාවේ පළමු වැනි දින(15)නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.දෙවැනි දිනය වන පොසොන් පොහෝ දින(16) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.එසේම ආලෝක පුජා පුන්‍ය උත්සවයේ අවසන් දිනය වන 17වැනි දා අනුරාධපුර දිසාපති හා පොසොන් කමිටු සභාපති ආර්.එම් වන්නිනායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට කටයුතු යොදා ඇත.

අනුරාධපුර අතිරේක


නව අදහස දක්වන්න