ජපාන අගමැතිගේ විශේෂ උපදේශකවරයෙක් දිවයිනට | දිනමිණ

ජපාන අගමැතිගේ විශේෂ උපදේශකවරයෙක් දිවයිනට

ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරෝටෝ ඉසුමි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
 
ඒ මහතා ලබන 20වනදා සිට 22වනදා දක්වා ශ්‍රී ලංකාවේ මෙලෙස සංචාරයක නිරත වනු ඇත. 
 
ආචාර්ය හිරෝටෝ ඉසුමි මහතා මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතය. 
 
ජපන් රජය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ පනවා ඇති සංචාරක උපදේශනය සංශෝධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව වාර්තා වේ.  
 

නව අදහස දක්වන්න