මිනුවන්ගොඩ කලහය - 07කට ඇප | දිනමිණ

මිනුවන්ගොඩ කලහය - 07කට ඇප

මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 07 දෙනෙකු අද (12) දිනයේ ඇප මත මුදා හැරිණ.

එහිදී  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුවන් 07 දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප නියම කිරීමටයි.

තවත් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැති බැවින් එළඹෙන 19 වැනිදා දක්වා ඔවුන් දෙදෙනා යළි රිමාන්ඩ් කිරීමටද නියෝග කලේය.

පාස්කු සිද්ධියෙන් අනතුරුව පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය පාලනය කිරීමට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

 


නව අදහස දක්වන්න