සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි ජයග්‍රාහකයන් සිංගප්පූරු සංචාරයක | දිනමිණ

සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි ජයග්‍රාහකයන් සිංගප්පූරු සංචාරයක

සෙලින්කෝ ලයිෆ් සමාගම මේ වන විට සිදු කරමින් තිබෙන ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ සිංගප්පූරු සංචාරය ජයග‍්‍රහණය කළ රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පසුගිය දා සිංගප්පූරුවේ දින තුනක ප‍්‍රීතිමත් සංචාරයක් කළේය. මෙහි දී, මේ පිරිසට විනෝදාස්වාදයෙන් පිරුණු සංදර්ශන, ප‍්‍රණීත ආහාර පාන මෙන්ම රිසි සේ සාප්පු සවාරියේ යෙදීමේ අවස්ථාව උදාවිය.

මේ ආකාරයෙන් සුපිරි ත්‍යාගය දිනූ රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පසුගිය දා ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවර සංචාරය කළ අතර, සිංගප්පූරු සංචාරය සඳහා 200ක පිරිසක් සහභාගී විය. සිංගප්පූරු සංචාරයට එක් වූ පිරිසට මර්ලයන්, ෆවුන්ටන් ඔෆ් වෙල්ත්, චයිනා ටවුන්, සිංගපෝ ෆ්ලයර් ඇන්ඩ් ඔර්කිඩ් ගාර්ඩ්න්, කේබල් කාර් ධාවනයක් ද සමඟින් සෙන්ටෝසා සංචාරයක්, ද සී ලයිෆ් ඇක්වේරියම්, වින්ග්ස් ඔෆ් ටයම් සහ ක්‍රේන් ෂෝ නැරැඹීමේ අවස්ථාව හිමි විය.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ විශාලතම ප‍්‍රතිලාභ වැඩසටහන වන ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහනේ 12 වැන්න යටතේ සිංගප්පූරු සංචාරය ජයග‍්‍රහණය කළ කණ්ඩායම මේ සංචාරය සඳහා සුදුසුකම් ලැබීය.

 


නව අදහස දක්වන්න