දෙවැනි ලෝක යුද්ධයේ දී වෙන්වූ ආදරවන්තයින් හමුවෙයි | දිනමිණ

දෙවැනි ලෝක යුද්ධයේ දී වෙන්වූ ආදරවන්තයින් හමුවෙයි

(ක්‍රිසන්ති විතාරණ)

දෙවැනි ලෝක යුද සමයේ දී වෙන් වූ ආදරවන්තයින් දෙදෙනකු මාධ්‍යවේදියකු ගේ මැදිහත් වීමෙන් යළි හමු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
වසර 1944 දී ප්‍රංශයේ සේවය කළ අමෙරිකානු සොල්දාදුවකු වූ කාරා ට්‍රෝයි රොබින්ස් එවකට 18 
හැවිරිදි වියේ පසු වූ ප්‍රංශ යුවතියක වන ජීනයින් පියර්සන්  සමග පැවැති ප්‍රේම සම්බන්ධතාවය හදිසියේම ඔහුට ආපසු අමෙරිකාවට යාමට සිදු වීමත් සමග ගිලිහී ගොස් තිබේ. 
 
යුද්ධයෙන් පසු ඔහු ආපසු ප්‍රංශයට පැමිණෙනු ඇති බවට වූ විශ්වාසය මත ඇය ඉංග්‍රීසි භාෂාව උගෙන ගැනීමට ද පෙළඹී ඇති නමුත් ඔහු කලකට පසුව අමෙරිකාවේ දී විවාහ වී ඇත. 
 
කෙසේ වෙත් මේ මස පැවැති යුද විරු සැමරුමට ප්‍රංශයට පැමිණි ට්‍රෝයි ප්‍රංශ මාධ්‍යවේදීන් කිහිප දෙනකු හමුවේ තමන් සතු ඇයගේ ඡායාරූපයක් පෙන්වා ඇය පිළිබඳව තොරතුරක් සොයා දෙන ලෙස ඉල්ලා තිබේ. 
 
වසර 75 කට පසු ට්‍රෝයි- ජීනයින් දෙපළගේ මුණ ගැසීම ඉතා හැඟුම්බර වූ බවත්, මේ වන විට ඔවුන් දෙදෙනාම වැන්දඹුවන් වන බවත් ඔවුන් මුණ ගැස්වීමට මුල් වූ මාධ්‍යවේදියා සඳහන් කරයි. 

නව අදහස දක්වන්න