සෞදියේ ගුවන්තොටුපොළකට මිසයිල ප්‍රහාරයක් | දිනමිණ

සෞදියේ ගුවන්තොටුපොළකට මිසයිල ප්‍රහාරයක්

සෞදි අරාබියේ ගුවන්තොටුපොළක් වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 26 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

සෞදි අරාබියේ රාජ්‍ය මාධ්‍ය පන්නේ, එම ප්‍රහාරය යේමනයේ හුතී කැරළිකරුවන් විසින් එල්ල කරන ලද බවයි.

යේමන දේශසීමාවට කිලෝමීටර් 200ක් පමණ උතුරින් පිහිටි අභා නමින් හැඳින්වෙන එම ගුවන්තොටුපොළට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව හමුදා ප්‍රකාශකයෙක් පැවසීය.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න