කවි­යෙන් සමාජ පෙර­ළි­යක් කළ පිය­දාස සිරි­සේන | දිනමිණ

කවි­යෙන් සමාජ පෙර­ළි­යක් කළ පිය­දාස සිරි­සේන

තමන් ජීවත් වූ සමා­ජය කෙරෙහි විශාල බල­පෑම් කළ ලේඛ­ක­යන් ලෙස ප්‍රංශයේ රූසෝ සහ වෝල්ටෙ­යාර්, රුසි­යාවේ ලියෝ­ටො­ල්ස්ටෝයි සහ මැක්සිම් ගෝර්කි කැපී පෙනේ. රාජාණ්ඩු බිඳ වැටෙ­මින් සිදු­වුණු ප්‍රංශ හා රුසි­යන් විප්ල­ව­ව­ලට ඔවුන් දුන් දාය­ක­ත්වය ඉති­හා­ස­ගත ය. ඉන්දීය නිද­හස් සට­නේදී, ජාතික ගීය ලෙස ගැයුණු ‘වන්දේ මාත­රම්‘ ලියූ බංකිම් චන්ද්‍ර චැට­ර්ජිත්, නිද­හස් ඉන්දි­යාවේ ජාතික ගීය බවට පත්වුණු ‘ජන­ගන මන’ ලියූ රවි­න්ද්‍ර­නාත් තාගෝ­ර්තු­මාත් එදා ඉන්දීය සමා­ජය කෙරෙහි දැඩි ලෙස බල­පෑම් කළ ලේඛ­ක­යන් දෙදෙ­නෙකි. විසි වැනි සිය­වස මුලදී මෙරට පැවැති පිරි­හුණු සිංහල සමා­ජය අගා­ධ­යෙන් ගොඩ­ගෙන, අතීත ශ්‍රී සමෘ­ද්ධිය යළිත් උදා කරවා ගැනී­මට සිය හැකියා යෙද වූ ජාති හිතෛ­ෂි­යකු ලෙස පිය­දාස සිරි­සේන නාමය ද අපේ වංශ කතා­වට එක් වී තිබේ.

පිය­දාස සිරි­සේන තරු­ණ­යකු ලෙස ජීවත් වූ විසි­වැනි සිය­වසේ මුල් යුගයේ, සිංහල සමා­ජය, නිද­හ­සට වසර 71 ට පසුව අප ජීවත් වන අද සමා­ජ­යට හාත්ප­සින් වෙනස් විය.
රජයේ රැකි­යා­වක් ලබා ගැනීම සඳහා ඇතැම් අය තමන්ගේ ආගම පවා අත­හැර ක්‍රිස්ති­යානි ආගම වැලඳ ගත්හ. එවන් සම­යක වෙසෙ­සින් ඉංග්‍රීසි උගත්, තමන්ගේ ආගම ද වෙනස් කර, රජයේ රැකි­යා­වක් ලබා­ගත් බොහෝ දෙනා, දේශීය සිරිත් විරිත්, දේශීය සංස්කෘ­තිය, දේශීය ගති පැව­තුම් පසෙ­කලා, ඒවා වෙනු­වට විදේ­ශීය සිරිත් විරිත්, සංස්කෘ­තිය සහ ගති පැව­තුම් හිස් මුදු­නෙන් පිළි­ගෙන ජීවත් වීම, අරුම පුදුම දෙයක් හැටි­යට සැල­කී­මට නොහැකි ය.


“සිංහ­ල­යාට සිංහ­ලයා යයි කීම අව­න­ම්බු­වක් ලෙස පැවැති සම­යක මෙන් ම, සිංහ­ල­ක­මට සමා­ජයේ තැනක් නොති­බුණු අව­ධි­යක, කොටින්ම සිංහ­ල­කම සිංහ­ල­යා­ගෙන් ඈත්වී ගිය යුග­යක, පිය­දාස සිරි­සේන මේ රටේ ජනි­තව හැදී වැඩී දේශ සේවා­වට පිවි­සියේ ය.”


(ආචාර්ය ආනන්ද සී. ග්‍රේරෝ) (29.08.1998)
දහ­නව වැනි සිය­වස අගදී මිගෙ­ට්ටු­වත්තේ ගුණා­නන්ද හිමි, කර්නල් එච්. ඇස්. ඕල්ක­ට්තුමා සහ පූජ්‍ය හික්ක­ඩුවේ ශ්‍රී සුමං­ගල නාහිමි වැනි සුධා­ර­ක­යන් විසින් ඇරැඹූ බෞද්ධ ප්‍රබෝ­ධය, රට පුරා පැති­රෙ­මින් තිබුණි. ඔවුන්ගේ අනු­ගා­මි­ක­යකු ලෙස ජාති­යේත්, ආග‍මේත් පුන­ර්ජී­ව­න­යට බට ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පා­ල­තු­මාගේ උග්‍ර දේශ­ප්‍රේ­ම­යට, සිරි­සේන ආක­ර්ෂ­ණය විය.


පසු කාල­යේදී ජන­ප්‍රිය නව­ක­තා­ක­රු­වකු, ප්‍රබල පුව­ත්පත් කතු­ව­ර­යකු සහ චතුර කථි­ක­යකු ලෙස ද ඔහු කීර්ති­මත් වුව ද, ඔහුගේ සාහිත්‍ය ජීවි­තය ඇරැ­ඹුණේ කවි­යකු ලෙසිනි. එව­කට සුප්‍ර­කට කවි­ය­කුව සිටි බෙන්තොට ඇල්බට් ද සිල්වා මහ­තා­ගෙන් කාව්‍ය ශාස්ත්‍රය උගත් ඔහු, වයස 18 දී ‘ඔව­දන් මුතු­වැල’ කාව්‍ය­යෙන් සිය ප්‍රති­භාව හෙළි කළේ ය. පසු කලෙක මෙරට ජාතික කවියා බවට පත් වුණු ඔහුගේ කාව්‍ය සම්ප්‍ර­දාය මැදින් ගිය රන්හූය වූයේ, ස්වදේ­ශා­නු­රා­ග­යයි.
1903 දී ‘සිංහල ජාතිය’ සඟ­රාව ආරම්භ කළ අව­ස්ථා­වේදී එහි උද්ධෘත පාඨ දෙකක් විය. එකක්, මහා පරා­ක්‍ර­ම­බාහු රජ­තු­මාගේ ප්‍රකා­ශ­යකි. අනෙක, ජෝන් මිල්ටන් කවි­යාගේ කවි­යක දෙප­ද­යකි.
“කොප­මණ උස­කින්ද අප වැටුණේ පහත මෙක­ලට නොනැ­ඟු­ණොත් තොප­හට වෙයි විපත?“ යනු එයයි.


‘සිංහල ජාතිය’ ඇරැ­ඹීමේ අර­මුණ වූයේ ද, ජාත්‍යා­ලය වැනි ගුණ­ධර්ම වගා කිරීම බව ඔහු පළමු සඟ­රා­වේම සඳ­හන් කළේය. අන­ගා­රික ධර්ම­පා­ල­තු­මාගේ කාහල නාද­යෙන් අවදි වී, බ්‍රහ්ම­චාරී වලි­සිංහ හරි­ශ්ච­න්ද්‍ර­තු­මාගේ ශාන්ත දේශ­න­යෙන් සිසිල් වුණු ජන­යාට පිය­දාස සිරි­සේ­නගේ දේශා­නු­රාගී කවි මහත් ප්‍රබෝ­ධ­ජ­නක වූවාට සැක නැත.


ඔහු පුරා­ණයේ මෙරට පැවති ඓශ්චර්ය ගැන ලීවේය. මෙරට පරා­භ­ව­යට පත් වීම ගැන ලීවේ ය. ජාති­යට, ආග­මට ආද­රය කළ යුතු බව කීවේ ය. පුරා­ණයේ මෙන් යළිත් නැගී සිටිය යුතු බව කීවේ ය. විකාර ඇඳුම් පැල­ඳුම් හා පර­සි­රි­තෙන් දුරු­විය යුතු බවත්, සුරාව හලා­හල විෂක් ලෙස දුර­ලිය යුතු බවත් කීවේ ය. සාහිත්‍ය සම්මේ­ල­න­ය­කදී වරක් හිටි­ව­නම කී මේ කවි­යෙන් ඔහුගේ දර්ශ­නය පැහැ­දිලි වේ.


ස‍ඳේ මෙන් පතල පැර­කුම් දුටු ගැමුණු
උ‍දේ සවස මුනි­ඳුට පසු සිහි කරනු
විදේ­ශින්ගේ දුසි­රිත් පිළි­කුල් කරනු
මෙදේ කරන තුරු නැත වන්නේ දියුණු


1930 දී බදු­ල්ලේදී පෘතු­ගී­සින් සමූල ඝාත­නය කරනු ලැබූ බවත්, ලෝක ඉති­හා­සයේ පෙනෙන යුද්ධ­ව­ලින් එක ම සතු­ර­කු­ට­වත් පලා යා නොදී, මරණ ලද එක ම යුද්ධය මෙය බවත් කියන ඔහු, එය ආද­ර්ශ­යට ගෙන දියුණු වන ලෙස කියයි.


දුහද සතුරු වනසා සුසිරි වඩමි නි
පබද විජ­ය­කොඩි බැඳි දියත වෙසෙසි නි
මෙලෙස තෙද පහළ කළ සිංහල දරුවෙ නි
බැරිද දියුණු වන්නට දැන් සිතු­වොති නි
(අපට වෙච්ච දේ - 137 පිට)


1915, ලංකාව බ්‍රිතාන්‍ය පාල­න­යට යටත්වී ශත වර්ෂ­යක් සපි­රුණු වර්ෂ­යයි. මේ නිමි­ත්තෙන් කවි රාශි­යක් ‘සිහල ජාතියේ’ පළ විය. මේ වසරේ පළමු වැනි ‘සිංහල ජාතිය‘ පත්‍රයේ පළවූ 100 වැනි අවු­රුද්ද නම් කවි පෙළෙහි,


මත්පැන් කිතු සමය දුසි­රිත් අවැඩ ක රූ
සත් තෙන් අපට පැමු­ණුනු විප­තුයි රුදු රූ
සත් දම් නොති­බුණා නම් මුනි තිලෝගු රූ
නැත් මය ජාති­යක් අද සිහල නම් දැ රූ
ලෙස සඳහන්ය.


1915 මාර්තු 02 වෙනිදා ‘පළමු වැනි ශත වර්ෂය’ නමින් පළ වූ කවි පෙළේ අව­සාන කවි­යයි මේ.
එබැ­වින් සිය­වස් වූ මේ දිනේ­වත් යොමා ඇස්
මෙකි­ය­වන අපේ පෙම්වත් ගුණැත් සීහලේ යුත්
සොහො­යු­රනි සිතාලා දෑ ඇඳුම් යුත් දනන් වී
නිතර වැඩ කරත්වා එක්වෙලා සාම­දා­නෙන්

ජාතියේ පිරි­හීම
ජාතික සිරිත් විරිත් ඉව­තලා, පර සිරිත් බාර­ගත් අය, ඔහු හැඳි­න්වූයේ ‘සංකර’ යනු­වෙනි. මේ ඔවුන් ගැන ලියැ­වු­ණකි.
අප රට දනන් හට සිංහල එපා වුණා
පිට­රට සෑම සංකර දේම රිසි වුණා
සිය­රට කෑම, බස, ආගම තිත්ත වුණා
කරු­මෙට අපේ ජාතිය එයින් පිරි හුණා


ගොවි­තැ­නෙ­නුත්, වෙළෙ­ඳා­මෙ­නුත් සිංහ­ල­යන් ඈත්වීම ගැන ඔහු නිතර දුක් විය.
අම්මා ගොවි­තැ­නයි ඒකෙන් ඉවත් වුණා
අප්පා වෙළෙ­ඳාම බව නොදැන රැවටු නා
කප්පා කම­ත්වල පිට­ර­ටුට කියමි නා
බුම්මා ගෙන ඉඳිති දැන් අපෙ සිහල දනා


සොබා දහම් වර්ණ­නා­ව­කදී වුව ද සිංහ­ලයා අවදි කිරී­මට කවක් දෙකක් ඇතු­ළත් කිරී­මට ඔහු පිය­වර ගත්තේය. මේ එවැ­න්නකි.
මහේ කෙත් කපති වෙන රට­වල ‍ ගොවියෝ
ලාහේ ලන්ට වියැ­ටක් දැන් මෙහි නැතියෝ
දාහේ කෙලක් වැඩි රුපි­යල් වෙනත ගියෝ
නාහේ නොවිදි ගොන්නුය ලොකු සිංහල යෝ

සුරාව


සුරා­වට විරු­ද්ධව ඔහු තරම් කවි ලිවු­වෙක් නොමැති තරම්ය. මේ නිසාම ඔහු අම­ද්‍යප ව්‍යාපා­රයේ බල­ක­ණු­වක්ද විය. සුරා බොන්නන් පිළි­කු­ල­ටත් අව­ඥා­ව­ටත් ලක් ක­ර­මින් ඔහු ලියූ මත්පැන් සහ එහි විපාක, රාකොස්සෝ, රා බේරු­වන්ගේ ප්‍රීතිය වැනි උප­හා­සා­ත්මක, හාස්‍ය­ජ­නක කවි රාශි­යක් 1912 – 13 වස­ර­වල ‘සිංහල ජාතියේ’ පළ­ විය. සුරා­වෙන් විනාශ වූ ධන­ව­තෙකු පිළි­බ­ඳව ලියැ­වුණු අද්භූත ආග­න්තු­කයා කෘතියේ එන කවකි මේ.


විලි­බිය ගුණ නුවණ යුතු යුතු­කම් සෑම
විලි­වැද දුව­න්නෙය මත්පැන් බීවා ම
පිළි­කුල් සුරා­වෙන් ඇති පල­නම් බෝ ම
බිලි­වනු පමණි දුක් රකු­සට මෙහිදී ම

කාන්තා ඇඳුම


කර පළල් හැට්ටය, බම්බු­සාය, බොස්තැ­රැ­ක්කය, පිදුරු තොප්පිය ආදී සංකර ඇඳුම්, පැල­ඳුම් ඔහුගේ අව­ඥා­ව­ටත්, උප­හා­ස­ය­ටත් ලක් විය. මේ ගැන ඔහු අතින් ලියැ­වුණු කවි රාශි­යෙන් එකකි මේ.


පෙර­ලිය තරුණ බව ඇඳු­මෙන් සුරැක් කේ
අද­ලිය නාකි­වෙති ඇඳ බොස්ත­රැක් කේ
නැත කිසි දෙයක් අද සිහ­ලුන්ගේ බොක්කේ
පිට­තින් ඔපය බැලු­වොත් බොහොම බක්කේ


ඉන්දීය ජාතික සටනේ වීර­යන් ඔහුගේ ප්‍රණා­ම­යට ලක් වූයේ, සිංහ­ල­යන්ට ඔවුන් ආද­ර්ශ­යක් විය යුතු බව පව­ස­මිනි. මහත්මා ගාන්ධි­තුමා සිර­ගත වූ විටෙක ඔහු මෙ‍සේ ලීවේ ය.


සුද­නන් මන තඹුරු විල් ලොව පුබුදු වෙති
දුද­නන් බක මුහුණු තැන තැනෙහි සැඟ වෙති
සැප­නම් නිද­හ­සය යනු සතට වැට හෙති
එබැ­වින් මහ­තුන්ට හිර ගෙය සැපක් වෙති


කවි­යෙන් භාර­තීය ජාත්‍යා­ලය පෝෂ­ණය කළ සරෝ­ජිනී නායිදු මැති­නිය මෙහි පැමිණි අව­ස්ථාවේ ලියැ­වු­ණකි මේ.


තුටු කළ කිවි බමර බස් මුව රද සැංගී
පටු­වන නළල සහ සෙව­නෙහි මන රංගී
දුටු­දන පිනන වත සර­දුල කොම ලංගී
දුටු­වෙමු අපි රුවැති සර­ස­වි­යගෙ නංගී


1915 දී බන්ධ­නා­ගා­ර­යෙන් නිද­හස්ව ආ අලුත ලියැ­වුණු කවි­යකි මේ.


පෙර­මන් යස කෙහෙළි දිගු යට මන රම්මේ
දරු­වන් වැදු ගැමුණු සඟ බෝ පැර­කුම්මේ
සුප­සන් සිහ­ල­දිව යන නම දැරු පෙම්මේ
දැක­පන් සීන­යෙ­න්වත් නිද­හස අම්මේ


ජාතියේ අතීත සෞභා­ග්‍යය සිහි­පත් කර­ව­මින්, සිංහ­ල­යන් දිරි­ගැ­න්වී­මට ලියූ කවි­යකි මේ.


කඳු වැනි දාගැබ්ද මහ වෙහෙ­ර­වල් තැනූ
විල­සිනි මහ සයුරු රැල නගින වැව් තැනූ
බිඳි­මිනි සතුරු බල­සෙන් යුද­ව­ලින් දිනූ
ඉති­කිනි කිමද කරු­මය අපට සැල සුනු

මේ ඔහු ජාති­යට දුන් අව­වා­ද­යකි.
ආරිය සිහල සුසි­රිත් දුර­ලන්ට එපා
දීරිය සිරිත් රැකි ගුණ­දම් හරිනු එපා
වීරිය කර සංකර වෙස් ගන්ට එපා
ජාතිය පිරි­හී­ගෙන බැව් නොත­කන්ට එපා


තමන් සිංහල බව කීමට පවා ලජ්ජා වුණු, 20 වැනි සිය­වසේ මුල සිට අඩ සිය­ව­සක් ගත වීම­ටත් පෙර දේශ­පා­ලන නිද­හස දිනා ගැනී­මට තරම් ජාතියේ ‍ප්‍රෞඪත්ව­යක්, අභි­මා­න­යක් දියුණු මට්ට­ම­කට පැමි­ණීම ඉබේ සිදු වූවක් නොවේ. සිංහ­ලයා එදා සිටි දීන නිවට අස­රණ තත්ත්ව­යෙන් ගොඩ ඒමට මූලික වූයේ, ශ්‍රීමත් අන­ගා­රික ධර්ම­පා­ල­තු­මාත්, පිය­දාස සිරි­සේන මහ­තාත් එදා ගෙන ගිය ජාති­ක­වාදී ව්‍යාපා­රය බව පැහැ­දිලි ය. 1956 දී ඇති­වුණ සංස්කෘ­තික විප්ල­ව­යට පද­නම වැටුණේ ද මේ දෙදෙ­නා­ගෙනි. ඒ නිසා, අන­ගා­රික ධර්ම­පාල හා පිය­දාස සිරි­සේන නාම­යන් අපේ වංශ කථාවේ රන් අකු­රින් ලියැ­විය යුතු ය.


නූතන විචා­ර­ක­ය­කුගේ මේ වචන කොත­රම් සත්‍ය­යද?


“අතීත සෞභා­ග්‍ය­යක් සත්‍ය වශ­යෙන්ම පැවති රටක, ජාති­යක ඉදිරි ගමන සුදු­මල් පියලි විසි­රුණ මගෙකැ ගැන්වීම කවියේ සවි­යෙන් ද කළ හැකි බව මේ කවියා මනාව වට­හා­ගෙන සිටියේ ය.“
(පණ්ඩිත කේ. බී. ඒ. එඩ්මන්ඩ් - සාහි­ත්‍යය 1986)

විශේ­ෂඥ වෛද්‍ය අම­ර­බන්දු විද්‍යා­ති­ලක


නව අදහස දක්වන්න