බැඳුම්කර වංචාව - විත්තිකරුවන් 10කට අධිචෝදනා | දිනමිණ

බැඳුම්කර වංචාව - විත්තිකරුවන් 10කට අධිචෝදනා

2015 පෙබරවාරි 27 වන දා සිදු වූ බැඳුම්කර වංචාවේ විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව බස්නාහිර පළාත්බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට අගවිනිසුරුවරයා අද නීතිපතිවරයාට අවසර දී තිබේ.

ඒ, බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට පසුගියදා නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීම සලකා බලමිනි.

මොවුන්ට අමතරව තවත් විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිත ය.

නඩුවේ ස්වභාවය, සංකීර්ණතාවය, බැරෑරුම්කම, මෙම වංචාවෙන් ආර්ථිකයට සිදු වූ අහිතකර බලපෑම මෙම නඩුවේදී සැලකිල්ලට ගැනෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළා ය.


නව අදහස දක්වන්න