දැල් පුහුණු පන්දු යවන්නා ඇවිදිනු දැක වෝනර් සතුටෙන් | දිනමිණ

දැල් පුහුණු පන්දු යවන්නා ඇවිදිනු දැක වෝනර් සතුටෙන්

දැල් පුහුණුවීම් අතරතුරදී ඔස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් එල්ල කරන ලද පහරක් හිසේ වැදීම නිසා ආබාධයකට ගොදුරු වී සිටි ක්‍රීඩකයා ගිලන් ඇඳන් නැගිට පළමු වතාවට තනියම ඇවිදීමට පටන් ගෙන තිබේ.

දින කිහිපයක් ගිලන්ව සිටි ඇවිදන ලද ජයකිශාන් ප්ලාහා නමැති ක්‍රීඩකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් “අවසානහේ මම මගේ පළමු ඇවිදීම සිදුකළා” යනුවෙන් පවසා ඇත. පන්දුව වැදී තිබෙන ආකාරය අනුව එය සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් බවට වෛද්‍යවරුන් විසින් අනුමත කිරීම, එම සිදුවීම නිසා දැඩි කම්පනයට මුහුණ දුන් වෝනර්ට මහා අස්වැසිල්ලක් ගෙන දී තිබේ.

පන්දුවක් හිසේ වැදීමෙන් ඔස්ට්‍රේලියානු පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වන පිලිප් හියුස් මිය යන විට ඔහු සමඟින් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටියේ ඩේවිඩ් වෝනර් වූ අතර එම සිදුවීමේදීද ඔහු දැඩි කම්පනයකට ලක් වූ බව එවකට මාධ්‍ය වාර්තා කර සිටියහ.


නව අදහස දක්වන්න