ගුරුන් නැතිව හුළං බොන හුළංදාවට හදිසි අමුත්තෙක්.... | දිනමිණ

ගුරුන් නැතිව හුළං බොන හුළංදාවට හදිසි අමුත්තෙක්....

 දකුණු පළාතේ හුළංදාව දෙමළ විදුහලේ බාලාංශ පන්තියට 2017 වසරේ සිට එකම ගුරුවරයෙකු හෝ නෑ. ගඟෙන් එහා පැත්තේ සිංහල පාසලේ ගුරු අතිරික්තයක් තිබෙනවා. මේ වගේ සමාජ අසාධාරණයන් සිදු කරන සමාජයකින් ත්‍රස්තවාදීන්, අපරාධකරුවන් මිස මානව හිතවාදීන් බිහි කළ නොහැකි බව දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකොන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසූවේ අකුරැස්ස හුලංදාව දෙමළ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි. ඉදිරි සතිය ඇතුළත අනිවාර්යයෙන් ම වතු පාසල් 15කට ගුරුවරුන් 92 ක් බඳවා ගැනීමට කටයුතු කරනවා. ඔවුන් ජූනි 17 සිට දරුවන්ට ඉගැන්වීමේ කටයුතු සිදු කරනු ඇති යැයි ද ආණ්ඩුකාරවරයා එහි දී පැවසීය.

ඡායා- හිනිදුම විශේෂ රවි ලියනගේ 

නව අදහස දක්වන්න