ඉදිපරපේ ආයුර්වේදයේ ‘කරන්ට්’ ප්‍රශ්නයක්: රෝගීන් ටිකට් කපා ගෙදර යවලා | දිනමිණ

ඉදිපරපේ ආයුර්වේදයේ ‘කරන්ට්’ ප්‍රශ්නයක්: රෝගීන් ටිකට් කපා ගෙදර යවලා

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

මීරිගම ඉදිපරපේ ආයුර්වේද රෝහලේ වාට්ටුවල විදුලි රැහැන් පද්ධතියේ පවතින බරපතළ දෝෂ තත්ත්වයක් හේතුවෙන් ගිනි ගැනීමේ තර්ජනයක් උද්ගතවීම මත එහි ප‍්‍රතිකාර ලබමින් සිටි සියලූම රෝගීන් ටිකට් කපා පිටත් කරවීමට පාලනාධිකාරිය තෙදිනකට පෙර පියවර ගෙන ඇත.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මීරිගම ආසන සංවිධායිකා සුනේත‍්‍රා සමරකෝන් මහත්මිය ද පසුගියදා එහි කළ සංචාරයකදී මේ බව අනාවරණය විය. රෝහලෙන් ඉවත්වූ දුර බැහැරින් පැමිණ සිටි රෝගීන් මේ වනවිට ආසන්නයේ නිවාසවල නවාතැන් ගෙන දිනපතා රෝහලට පැමිණ ප‍්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන බව ද පැවසීය.

මේ තත්ත්වය නිසා ඇඳන් 40 කින් පමණ යුත් ගැහැණු වාට්ටුව හා පිරිමි වාට්ටු වසා දමාඇත. වසර තුනක පමණ කාලයක සිට මෙම වාට්ටුවලට සපයා ඇති විදුලි රැහැන් පද්ධතියේ දුර්වලතා පැවතී තිබී ඇති අතර වරින් වර පාලනාධිකාරිය විසින් මේ බව බලධාරීන්ට දැනුම්දී ඇතත් එහි අලූත්වැඩියා කිරීීමට කිසිදු පියවරක් ගෙන නැති බව ද මෙහිදී දැන ගන්නට ලැබිණි.

මෙම වාට්ටුවල දෛනිකව ජලය උණු කිරීමේ බොයිලේරු ආදිය කි‍්‍රයාත්මක කිරීමේදී විදුලි රැුහැන්වලින් වැඩි විදුලි ධාරාවන් ගලා යන අතරදී වෙනත් උපකරණයක් කි‍්‍රයාත්මක කිරීීමට යාමේදී වයර් උණුවීම නිසා ගිනි ගැනීමේ දැඩි අවදානමක් පවත්නා නිසා වාට්ටු වසා දමා රෝගින්ගේ ආරක්ෂාව සැලසීමට පියවර ගත් බව රෝහල් පාලනාධිකාරිය සංවිධායකවරියට දැනුම් දුන්නාය.

 


නව අදහස දක්වන්න