ඇඹුල්ගස්වැව තුනේකණුව ගමට බොන්න වතුර ටිකක් දෙමු ද? | දිනමිණ

ඇඹුල්ගස්වැව තුනේකණුව ගමට බොන්න වතුර ටිකක් දෙමු ද?

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇඹුල්ගස්වැව තුනේකණුව ගම්මානයේ ජනතව පානීය ජලය නොමැති කමින් අසරණව සිටිති.

කැකිරාව-ගලෙන්බිඳුණුවැව ප්‍රධාන මාර්ගයේ කැකිරාව නගරයේ සිට කිලෝමීටර් 4ක පමණ දුරින් පිහිටා ඇති මෙම ගම්මානයේ පවුල් 20ක් පමණ ජීවත් වේ. කැකිරාව නගරයට හා ගනේවැල්පොළ නගරයට අතර මැදිව තම ගම්මානය පිහිටා තිබුණ ද තවමත් තම ගම්මානයට පානීය ජලය නොමැති බවට ගම්වාසීහු මැසිවිලි නගති. මේ නිසාම බීමට පිරිසුදු දිය බිඳක් සොයා කිලෝමීටර් 3ක පමණ දුරක් ගෙවා යෑමට මේ ගම්වාසීන්ට සිදුව ඇත. මෙසේ දුර ගෙවා ගොස් ඔවුන් බීමට පිරිසිදු දිය බිඳක් ගෙනෙනුයේ ගනේවැල්පොළ මුස්ලිම් පල්ලියට මුදල් ගෙවා ය. මෙලෙස දෛනික රුපියල් 20ක් 50ක් ආදී ලෙස පානීය ජලය වෙනුවෙන් මුදල් ගෙවීමට ඇඹුල්ගස්වැව තුනේකණුව ගම්මානයේ ජනතාවට සිදුව තිබේ.

ඡායාරූපය - මරදන්කඩවල සමූහ කේ. එස්. කරුණාරත්න 

නව අදහස දක්වන්න