ලේක්හවුස් ‍මිහින්තලා ආලෝක පූජාවට සැරසෙමින්... | දිනමිණ

ලේක්හවුස් ‍මිහින්තලා ආලෝක පූජාවට සැරසෙමින්...

පනස් හත්වැනි වරටත් පවත්වන ලේක්හවුස් ‍මිහින්තලා ආලෝක පුජාවට සමගාමීව මෙවරත් පොසොන් පොහෝදා(16) මිහින්තලා රජමහා විහාර පුදබිමේ සිල් සමාදන් වන උවැසි උවැසියන් උදෙසා සිල් රෙදි ප්‍රදානය කෙරේ. මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසකත්වයෙන් හා සිමා සහිත එක්සත් ප්‍රවෘති පත්‍රසමාගමේ(ලේක්හවුස්) සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරෙන මෙම පිංකම සඳහා මහාභාරකාර දෙපාර්තමේන්තුව දායකත්වය ලබාදෙයි.

මේ අනුව පොසොන් පොහෝදා පෙරවරුවේ සිල් සමාදන්වන උවැසි උවැසියන් දහසක් සඳහා සිල් රෙදි ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.

මිහින්තලා පුදබිම වන්දනා මාන කිරීම සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම් මේ වන විට සංවිධාන කර ඇති අතර පොසොන් සතිය පුරා දාන,සිල,භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක්ද පැවැත්වේ.

ඡායා- ප්‍රියදර්ශනී කරුණාරත්න
මිහින්තලේ සමූහ හා අමිල ප්‍රභාත් වනසිංහ-අනුරාධපුර අතිරේක


නව අදහස දක්වන්න