මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව උවැසි උවැසියන් 1000කට සිල් රෙදි | දිනමිණ

මිහින්තලා-ලේක්හවුස් ආලෝක පූජාව උවැසි උවැසියන් 1000කට සිල් රෙදි

අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක

පනස් හත්වන(57)වරටත් පවත්වන ලේක්හවුස් ‍මිහින්තලා ආලෝක පුජාවට සමගාමීව මෙවරත් පොසොන් පොහෝදා(16) මිහින්තලා රජමහා විහාර පුදබිමේ සිල් සමාදන් වන උවැසි උවැසියන් උදෙසා සිල් රෙදි ප්‍රධානය කෙරේ. මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසකත්වයෙන් හා සිමා සහිත එක්සත් ප්‍රවෘති පත්‍රසමාගමේ(ලේක්හවුස්) සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරෙන මෙම පින්කම සදහා මහාභාරකාර දෙපාර්තමේන්තුව දායකත්වය ලබාදෙයි.

මේ අනුව පොසොන් පොහෝදා පෙරවරුවේ සිල් සමාදන්වන උවැසි උවැසියන් දහසක්(1000) සදහා සිල් රෙදි ප්‍රධානය කිරිමට කටයුතු යොදා ඇත.

මිහින්තලා පුදබිම වන්දනා මාන කිරිම සදහා පැමිණෙන ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම් මේ වන විට සංවිධානය කර ඇති අතර පොසොන් සතිය පුරා දාන,සිල,භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක්ද පැවැත්වේ.


නව අදහස දක්වන්න