ජනපති අද සිට ටජිකිස්ථානයේ නිල සංචාරයක | දිනමිණ

ජනපති අද සිට ටජිකිස්ථානයේ නිල සංචාරයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(13) සිට 16අතර ටජිකිස්ථානයේ නිල සංචාරයක නිරතවේ.

චීනයේ ෂැන්හයි කෝපරේෂන් සංවිධානය විසින් කලාපයේ ගැටලු සාකච්ඡා කිරීමට පවත්වන සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ටජිකිස්ථානය බලා පිටත්ව යයි. සාකච්ඡා පැවැත්වීමේ  සාමාජිකයකු ලෙස සහභාගී වීමට ජනාධිපතිවරයා ටජිකිස්ථානය බලා පිටත්ව යනු ඇත.

මෙම සමුළුවේ සාමාජිකයන් ලෙස චීනය, රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සහභාගී වන අතර නිරික්ෂක රටක් ලෙස පාකිස්ථානය මෙම සමුළුවට සහභාගී වේ. චීන – රුසියා මායිමේ තිබෙන රටවල් එක්ව මෙම සමුළුව පවත්වනු ලබයි.


නව අදහස දක්වන්න