අගමැති රනිල්ගේ ආරාධනාවකට මාලදිවයින් ජනාධිපති, කැබිනට් මණ්ඩලය මෙරට සංචාරයක | දිනමිණ

අගමැති රනිල්ගේ ආරාධනාවකට මාලදිවයින් ජනාධිපති, කැබිනට් මණ්ඩලය මෙරට සංචාරයක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු එරට කැබිනට් මණ්ඩලය මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.

මාලදිවයින් ජනාධිපතිවරයෙක් සිය කැබිනට් මණ්ඩලය සමගම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ ප්‍රථම වතාවටය.

ඊට අමතරව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ද ලබන සතියේදී ශ්‍රී ලංකාවේ නිලසංචාරයක නිරතවේ. ඒ සමගම ජපාන අගමැති ෂින්සියෝ අබේ මහතාගේ විශේෂ නියෝජිතයෙකුද ශ්‍රී ලංකාවේ සංචාරයටක පැමිණේ.

මේ සියලු දෙනා මෙරට සංචාරය කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කළ ආරාධනාවලට අනුවය. රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බව අගමැතිවරයා පසුගියදා මෙරට සියලු තානාපතිවරුන් කැදවා ප්‍රකාශ කරනු ලැබීය.


නව අදහස දක්වන්න