කළු අජිත්ගේ ඝාතකයා මීගමුවේ දී දැලේ | දිනමිණ

කළු අජිත්ගේ ඝාතකයා මීගමුවේ දී දැලේ

ගයාන් කුමාර වීරසිංහ

ජා - ඇළ මහවත්තේදී පාතාලයේ ප්‍රබල සාමාජිකයකු වන පත්අඩුවන කළු අජිත් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු මීගමුව බස් නැවතුම් පොලේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

හීනටියන සංඛ නැමැති එම වෙඩික්කරු යුද හමුදා විශේෂ බළකායෙන් පළාවිත් සිටින සෙබලෙකි. 2006 වසරේ සිට 2009 වසර දක්වාම විශේෂ බළකායේ සේවයේ නිරතව සිට ඇති ඔහු හමුදාවෙන් පලායාමත් සමග අධික ලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිට ඇතැයි පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. මත්කුඩු භාවිතයට මුදල් සොයා ගැනීමට කුලී ඝාතකයකු ලෙස පාතාලයට වැටී ඇතැයි පොලිසිය කියයි. 2009 වසරේදී ඔහු එසේ කුලී ඝාතන දෙකක් කර ඇති බවත් ඒ අතර ව්‍යාපාරික ඝාතනයක්ද වෙතැයි පොලිසිය සදහන් කරයි.

හීනටියන සංඛ සම්බන්ධකම් පවත්වන ලද පාතාල කල්ලියේ සාමාජිකයින් කිහිප දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායට පසුගිය කාලයේදී කොටුවී ඇති බවත් ඒ අයව විශේෂ කාර්ය බළකායට කොටුකරදී ඇත්තේ කළු අජිත් බවට සැකයකින් හීනටියන සංඛ සිට ඇති බවත් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් කළු අජිත් සමග වෛරයෙන් සිටි සංඛව යොදවා කළු අජිත්ව ඝාතනය කර ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින පාතාලයේ ප්‍රබල කල්ලි නායකයෙක් වන ගනේමුල්ලේ සංජීව විසින් බව පරීක්ෂණ වලින් හෙළිවී තිබේ.


නව අදහස දක්වන්න