වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් | දිනමිණ

වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක්

දිවයින හරහා, විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය සහ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අරාබි මුහුද ආශ්‍රිතව හටගත් වායු සුළි කුණාටුව ඉන්දියාවේ ගුජරාට් වෙරළ තිර දෙසන් උතුරු දිසාවට ගමන් කරමින් තිබේ.

මේ හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 3ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරින් පියවර ගෙන තිබේ.

ගලවා ගැනිමේ කණ්ඩායම් 52 ක් පමණ ආපදා මෙහෙයුම්වල යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එරට කාලගුණ බලධාරින් සඳහන් කළේ, පැයට කිලෝමිටර් 155ත් 156 ත් අතර වේගයකින් හමා යන වායු සුලි කුණාටුවේ බලපැම දින දෙකක් පමණ අපෙක්ෂා කරන බවයි.

වායු සුළි කුණාටුකව හේතුවෙන් මුහුදු බඩ දුම්රිය ගමන් වාර 70වක් තාවකාලිකව නතර කිරීමට ද ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇතැයි සඳහන් ය.

මේ අතර මුම්බායි ගුවන් තොටුපළ ආශ්‍රිත ගුවන් ගමන් 400කට පමණ පවතින අහයපත් කාලගුණයෙන් බලපැම් එල්ල වි ඇති අතර ගුවන් ගමන් රැසක් ප්‍රමාද වී තිබේ.

                                                   මහජනයා සඳහා කාලගුණ අනාවැකිය 

                                    2019 ජුනි මස 13 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

දිවයින හරහා, විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය සහ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර,විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

අනුරාධපුර, යාපනය, මඩකලපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.60 දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

                               ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

                                 2019 ජුනි මස 13 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි

මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ වේ.

මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශවිටින් විට රළු වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවන අතර මුහුද තරමක් රළු වේ.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.


නව අදහස දක්වන්න