ජාතික බුද්ධි සේවා ප්‍රධානී - මේජර් ජෙනරාල් රුවන් කුලතුංග | දිනමිණ

ජාතික බුද්ධි සේවා ප්‍රධානී - මේජර් ජෙනරාල් රුවන් කුලතුංග

ජාතික බුද්ධි සේවා ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කර තිබේ.

සෞඛ්‍ය හේතු මත දන්වමින් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ජාතික බුද්ධි ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ මෙම තනතුර සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් මත මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මෙලෙස පත් කර ඇත.

මේජර් ජෙනරාල් රුවන් කුලතුංග කීර්තිමත් ආදී නාලන්දියෙකුවන අතර ඔහු පාබල රෙජිමේන්තුවේ අධිපති ලෙසද මේ වන විට කටයුතු කරමින් සිටියි.

 

නව අදහස දක්වන්න