මධුමාධවගේ නඩුව අවසන් කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණය | දිනමිණ


 

මධුමාධවගේ නඩුව අවසන් කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණය

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගිය මැයි මස 13 වැනිදා ඇතිවු කලහකාරී සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට  ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාල නඩු කටයුතු අවසන් කිරීමට අද නියෝග කලේය.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට අනුවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදු කළේ පෙත්සම්කාර  මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු මේ දක්වා කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට කළ සැලකිරීමෙන් අනතුරුවයි.

පොලිසිය සිදු කළ පරීක්ෂණවල සම්පිණ්ඩන වාර්තාවක් නීතිපතිවරයා වෙත ලැබී ඇති බවත් එම කරුණුවලට අනුව පෙත්සම්කරු මේ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පවසා සිටියේය.

 

නව අදහස දක්වන්න