OPPO වෙළෙඳනාම අනන්‍යතාවට නව වෙනසක් | දිනමිණ

OPPO වෙළෙඳනාම අනන්‍යතාවට නව වෙනසක්

OPPO, සිය පාරිභෝගිකයා කේන්ද්‍ර කොට ගත් කැපවිම යළි අවධාරණය කරමින්, නිෂපාදනයන්හි සෑම අංශයකම ගුණාත්මකබව, නිර්මාණශීලීත්වය සහ අනන්‍යතාව මූලික කොට ගත් නව සන්නාමයක් ලෙස සිය සන්නාම අනන්‍යතාවට නව අරුතක් ලබා දෙයි. ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයේ නවෝත්පාදන පුරෝගාමියකු වන OPPO, 2019 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද Counterpoint Research හි වාර්තාවට අනුව පෙර නොවූ විරූ 863%ක වර්ධනයක් සමඟින් ප්‍රීමියම් ඛාණ්ඩයේ ලොව වඩාත්ම වේගයෙන් වර්ධනය වන ස්මාර්ට් ෆෝන් සන්නාමය බවට පත්ව ඇත.

එවැනි දැවැන්ත වර්ධනයකින් සහ ප්‍රීමියම් ඛාණ්ඩයේ පාරිභෝගියකන්ගෙන් ලද ප්‍රතිචාර මඟින් දිරි ගැන්වුණු OPPO, නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන 'එඩී ඔපරා' සමඟ නව සන්නාමයක් වෙනුවෙන් සහයෝගීතා ගිවිසුමකට එළැඹිණි. OPPO හි නව වෙළෙඳනාම සන්නාමය, දිනෙන් දින අත් කරගන්නා වර්ධනයේ සහ සාර්ථකත්වයේ මනා පිළිඹිබුවකි. නව සන්නාම ලාංඡනය (Brand Logo) සරල මෙන්ම සමමිතික නිරූපණයකි. කැපීපෙනෙන වක්‍රාකාර (Curve) හැඩතල සහිත නව OPPO ලාංඡනය, සුවිශේෂී වූ නව මානයකට අපව රැගෙන යයි. මෙම ලාංඡනය නව වර්ණ පද්දතියකින් සහ දෘෂ්‍ය සැකැස්මකින් සමන්විත අතර ප්‍රථම වතාවට 'OPPO Sans' අකුරුවලින් හැඩ ගැන්වී ඇත. ලෝකය පුරා නව්‍ය වෙළෙඳපොළවලට OPPO දිනෙන් දින ව්‍යාප්ත වීමත් සමඟ මෙම නව සන්නාමයේ නිරූපණය එහි හිමිකාරත්වයේ සලකුණ බවට පත්වෙමින් ඇත.


නව අදහස දක්වන්න