පොසොන් උදාවයි දහම් අමාවයි | දිනමිණ

පොසොන් උදාවයි දහම් අමාවයි

රත්මලාන

රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනේදී චීන කුල දරුවෙක් හෙට (16) සසුන්ගත කරනු ලැබේ. පරම ධම්මචේතිය විහාරාධිපති ආචාර්ය මාඉටිපේ විමලසාර නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් චීන දරුවා පැවිදි කෙරෙන මේ අවස්ථාව කෝට්ටේ කල්‍යාණි සාමශ්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක පිඹුරේ උදිත හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


බදුල්ල

පොසොන් පොහොය නිමිත්තෙන් ඌව පළාත් සභාව සංවිධාන කරන රොටි දන්සල පොසොන් පොහෝදින (16) බදුල්ල ඌව පළාත් සභා පරිශ්‍රයේදී පැවැත්වේ.

සොරණාතොට සමූහ


දෙමෝදර

දෙමෝදර තරුණ කැළ 12 වැනි වරටත් සංවිධාන කරන බත් දන්සල දෙමෝදර මංසන්ධියේදී පැවැත්වේ.

සොරණාතොට සමූහ සී. ගමගේ


කළුතර

දයා ශ්‍රී පදනම මගින් 16 වැනි වරට ඉදිකෙරෙන ‍සම්බුලා ජාතකය රැගත් පොසොන් තොරණ 16, 17, 18, 19 යන දිනවලදී උතුරු කළුතර තොටුපළ හංදියේදී ප්‍රදර්ශනය කෙරේ.

උතුරු කළුතර වලව්වත්ත තරුණ කැළ සංවිධානය කරන තෝසේ දන්සල අනිද්දා (17) උතුරු කළුතර වලව්වත්තේදී පැවැත්වේ.

උතුරු කළුතර සුමිතුරු යෞවන සමාජය සංවිධානය කරන බත් දන්සල හෙට රාත්‍රි 7ට කළුතර උතුර මහජන පොළභූමියේදී පැවැත්වේ.

කළුතර දකුණු සෙනෙවිරත්න පෙදෙස එක්සත් සුබ සාධක සමිතිය සංවිධාන කරන බත් දන්සල අනිද්දා (17) සෙනෙවිරත්න පෙදෙස ප්‍රජා ශාලාව අසලදී පැවැත්වේ.


තඹුත්තේගම සහ තලාවේ දන්සල්

තඹුත්තේගම නල්ලච්චිය තරුණ කැල සහ ගම්වාසීන්ගේ සහයෝගයෙන් 16 වැනි වතාවටත් පවත්වන බත් දන්සල නල්ලච්චිය පුබුදු කි‍්‍රඩාංගණය අසලදී හෙට (16) පැවැත්වෙයි. තඹුත්තේගම කොන්වැව මංසන්ධියේදි වර්ෂයක් පාසා පවත්වනු ලබන පොල් රොටී දන්සල 07 වැනි වතාවට හෙට පැවැත්වෙයි.

තඹුත්තේගම ගම්මැද්ද ගම්මාන 04 තරුණ කැල සහ ප‍්‍රදේශවාසීන් සංවිධාන කරනු ලබන පාන් දන්සල දෙවන වතාවට රාජාංගනය 02 කණුව මංසන්ධියේදිද තඹුත්තේගම පහළගමදී පවත්වනු ලබන එළකිරි දන්සල , තඹුත්තේගම ජයශී‍්‍රගම තරුණ කැල සංවිධාන කරනු ලබන බත් දන්සල ජයශි‍්‍රගම තැපල්හල අසල කි‍්‍රඩාපිටියේදිද තලාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියබලාගස්වැව විහාරස්ථානයේ දහම් පාසල්වල දරුවන් සංවිධාන කරනු ලබන බත් දන්සල පෝදා සෙලෙස්ති මඩුව,- වෙට්ටන්කුලම හන්දියදී පැවැත්වීමට නියමිතය.එසේම තලාව මීගැස්සාගම තරුණ කැල ජය ශක්ති ළමා සමාජයේ සහ ගම්වාසීන් සංවිධාන කරනු ලබන කඩල දන්සල සහ කිරි කෝපි දන්සල මී ගැස්සාගම කි‍්‍රඩාපිටිය අසලද

තලාව එප්පාවල එළියදිවුල්වැව තරුණ කැල සංවිධානය කරනු ලබන රස කැවිලි දන්සල එළිය දිවුල්වැව කි‍්‍රඩාපිටිය අසලදීද තලාව මීගැස්සාගම එකමුතු තරුණ කැල සංවිධාන කරනු ලබන සවි දන්සල මීගස්සාගම මංසන්ධියේදී තඹුත්තේගම තේක්කවත්ත, ඉපිල්වත්ත තරුණ කැල සංවවිධාන කරනු ලබන සිසිල්පැන් දන්සල තම්මැන්නාගමදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තඹුත්තේගම, සී.එම්. ආරියපාල


නෝටන්බ්‍රිජ්

පොසොන් උත්සවය නිමිත්තෙන් ලක්ෂපාන ලංවිම සුබ සාධක සංගමය,යුද හමුදා කදවුර හා නෝටන්බ්‍රිජ් පොලීසිය එකමුතුව එම ලක්ෂපාන ගම්වාසීන්ගේ සහාය ඇතිව ඉදිකරනු ලබන පොසොන් තොරණ 16,17,18,19 හා 2O යන දිනවල ලක්ෂපාන නිවාස පෙදෙස අසළදී ප්‍රදර්ශනය කෙරේ. 'තේල පත්ත' ජාතක කතා වස්තුව නිරූපණය කෙරෙන එම තොරණ ප්‍රදර්ශණය කෙරෙන දිනවලදී බත් දන්සලක් පැවැත්වීමටද එම සංවිධායක මණ්ඩලය කටයුතු යොදු ඇත.

ඊට අමතරව ලක්ෂපාන ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේදී විහාරාධිපති ගලමුදුනේ ගුණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සුමධුර ධර්ම දේශණයක් ඇතුළු සීල භාවනා සහිත ආගමික වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට එම විහාරස්ථ දායක සභාව මගින් කටයුතු යොදා තිබේ.

ගිනිගත්හේන විශේෂ ජී.ඒ.ගුණසේන


පොතුහැර

පොතුහැර තරුණ බෞද්ධ සමිතිය ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන සමඟ සංවිධානය කරන පොසොන් මහා බත් දන්සල මෙවර එකසියපස්වෙනි වතාවට පොතුහැර දුම්රිය ස්ථානයේදී පැවැත්වේ පැවැත්වේ. අනුරාධපුර ගමන් කරන බැතිමතුන් සදහා කෑම පාර්සල් බෙදාදීම මේ දන්සල මඟින් සිදු කෙරේ.

කරුණාරත්න කළුආරච්චි පොල්ගහවෙල විශේෂ


ඇල්පිටිය

අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිකාරී දක්ෂිණ ලංකා ප්‍රධාන අධිකරණ සංඝ නායක අමුගොඩ සෝමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයට පිංපැමිණවීම,රෝගීන්ට සෙත් පැතීම, රටට සෙත් පැතීම ආදිය අරමුණු කර ගනිමින් පහන් 1000ක් දල්වා සෙත් පතා හෙට (16) විශේෂ පිකම් මාලාවක් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

ඇල්පිටිය කාරියවසම් පෙදෙස තරුණ කැළ හා ඉන්ධන ගබඩාවේ කාර්ය මණ්ඩලය විසින් හෙට (16) දහවල් සපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් පවත්වා ඉන් අනතුරුව බත් දන්සලක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ධර්‍මදාස සිරිවර්‍ධන


පොලොන්නරුව

පොලොන්නරුව ඓතිහාසික පොසොන් දළදා පෙරහර ලබන 17 වැනි දින පොලොන්නරුව සොලොස්මස්ථානාධිපති වෙඩරුවේ උපාලි නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතාගේ අධීක්ෂණත්වයෙන් සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතය. අද (15) පරාක්‍රම සමුද්‍රය අබියස පත්තිනි දේවාල පරිශ්‍රයේදි කප් සිටුවීමේ මංගල්‍ය සිදු කෙරුණු අතර, 17 වැනි දින රාත්‍රී 8.00 ට පෙරහර වීදි සංචාරය ආරම්භ කරනු ඇත.

ලංකාපුර සමූහ එච්.එල්. ද සොයිසා


හිඟුරක්ගොඩ

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පොසොන් පින්කම මෙවර ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ශාසනාරක්ෂක කමිටුව සංවිධාන කර ඇත.

දිඹුලාගල නාහිමිගේ 24 වැනි ගුණ සමරු පින්කම හා මල්දෙණියේ ජිනාලංකාර නාහිමියන්ගේ පින්කම් මාලාවද පැවැත්වේ. ත්‍රිකුණාමලය ආනන්ද මහානායක හිමි හා දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන්ගේ අනුශාසනාවෙන් මෙය පැවැත්වේ.

පොලොන්නරුව දිසා සමූහ


පිළියන්දල

පිළියන්දල තරුණ බෞද්ධ සමිතිය මඟින් පවත්වාගෙන එනු ලබන මාසික ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව හෙට සවස 5.00 සිට 6.00 දක්වා සියඹලාගොඩ දික්හේන භාවනා මධ්‍යස්ථානවාසී තිබ්බොටුවාවේ සරණතිලක හිමියන් විසින් එම සමිති ශාලාවේදී පවත්වනු ලැබේ.

මෙහිදී මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව බුදු සසුන පිහිටුවා වදාළ බුදු දහම පිළිබඳ ධර්ම ග්‍රන්ථයක්ද නොමිලේ බෙදාහරිනු ලබන බවත් තරුණ බෞද්ධ සමිතියේ සභාපති ජිනේන්ද්‍රදාස ද කොස්තා මහතා පැවැසීය.

කැස්බෑව සංචාරක

නව අදහස දක්වන්න