ඉන්දීය ධීවරයින් 18ක් නිදහස් කෙරේ | දිනමිණ

ඉන්දීය ධීවරයින් 18ක් නිදහස් කෙරේ

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නිදහස් කර ඇත.

පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, නීතිපති උපදෙස් මත ධීවරයින් නිදහස් කිරීමටයි.

අදාළ පිරිස ආගමන විගමන නිලධාරීන් හරහා ඉන්දියාව වෙත බාරදීමට නියමිතව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සුමීට මාස දෙකකට පෙර පේදුරුතුඩුවට ඔබ්බෙන් වන මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි අදාළ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.


නව අදහස දක්වන්න