බියෙන් තොරව ආගමික කටයුතුවල නිරත වන්න | දිනමිණ

බියෙන් තොරව ආගමික කටයුතුවල නිරත වන්න

ශ‍්‍රී ලංකාවාසී ජනතාවට ඉතා වැදගත් දිනයක් වන පොසොන් පොහෝ දිනය සැමරීම සඳහා විහාරස්ථානවලට ගොස් බෞද්ධ කටයුතුවල නියැලෙන ලෙස යුද්ධ හමුදාව ඉල්ලා සිටියි.

යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු පැවසුවේ, කිසිඳු බියකින් හා සැකයකින් තොරව ආගමික කටයුතුවල නිරත වීම සඳහා වූ පරිසරයක් රට තුළ මේවනවිට ස්ථාපිත වී ඇති බවයි.

ති‍්‍රවිධ හමුදාව හා පොලීසිය එක්ව රට තුළ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් රට තුළ සාමකාමී පරිසරයක් නිර්මාණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නව අදහස දක්වන්න