නාත්තන්ඩිය ධම්මිස්සර විදුහලේ දානමය පින්කමෙන් | දිනමිණ

නාත්තන්ඩිය ධම්මිස්සර විදුහලේ දානමය පින්කමෙන්

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ පාසලට වසර එකසිය හයක් (106) සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබුණි. ලේ දන්දීමේ කදවුරක් ,ගවයන්ට අභය දානය දීම, විල්පත්තු අභය භූමියේ නැවත වන වගාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට පැළ ලබාදීම, එළුවන්කුලම කනිෂ්ඨ විදුහලට පාසල් උපකරණ පරිත්‍යාග කිරීම, පාසල් උපන් දිනය තේමා කර ගත් චිත්‍ර , ගද්‍ය රචනා , පද්‍ය රචනා තරග හා ජයග්‍රාහකයන් තෝරා ගැනීම මේ අතර විය.

මේ වැඩ වැඩසටහන් මාලාවේ සමාප්තිය සනිටුහන් කරමින් විසි නමක් විෂයෙහි දහවල් සාංඝික දානය සහ අටපිරිකර පූජා පින්කමක්ද පැවැත්විණි. විදුහල්පති අනිල් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත මේ කටයුතු සංවිධාන කෙරිණි.

ඡායා- මිහිර විජේසේකර - මාරවිල සමූහ

නව අදහස දක්වන්න