මාලදිවයින් දූත පිරිස හරසරින් පිළිගනී | දිනමිණ

මාලදිවයින් දූත පිරිස හරසරින් පිළිගනී

ශ්‍රීලංකාවේ සංචාරයක යෙදී සිටින මාලදිවයින් උප ජනාධිපති ෆයිසල් නසීම්, කතානායක හා හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, මාලදිවයින් ඇමැතිවරු සහ දූත පිරිස වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (15 වනදා) අරලියගහ මන්දිරයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක, මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. එච්.එම්. පවුසි, රිෂාඩ් බදුර්දීන්, මුජිබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන සහ අගමැති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීහු සහභාගි වූහ.

නව අදහස දක්වන්න