ශ්‍රී ලංකා ගුවන් හමුදා විසිර යෑමේ පෙළපාළිය දියතලාවේ දී | දිනමිණ

ශ්‍රී ලංකා ගුවන් හමුදා විසිර යෑමේ පෙළපාළිය දියතලාවේ දී

ශ්‍රී ලාංකීය ලක්අඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් වූ කාර්යට උරදීම සඳහා ආධුනික කැඩෙට් නිලධාරීන් කැඩෙට් නිලධාරිනියන් 39 දෙනකු ගුවන් භටයන් හා ගුවන් කාන්තාවන් 426 දෙනකු අභිමානයෙන් යුතුව විසිර යෑමේ පෙළපාළිය පසුගිය දා (14) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ දී ඉතා සාර්ථකව අවසන් විය.

නිල් අහස ජයගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් සාමාජිකයකු සාමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්වන අංක 64 ආධුනික කැඩෙට් නිලධාරි පාඨමාලාව, අංක 16 ආධුනික කාන්තා කැඩෙටි නිලධාරි පාඨමාලාව, අංක 168 නිත්‍ය ගුවන් භට පාඨමාලාව, අංක 38 නිත්‍ය ගුවන් කාන්තා පාඨමාලාව, අංක 131 ආධුනික ස්වේච්ඡා ගුවන් භට පාඨමාලාව හා අංක 14 ආධුනික ස්වේච්ඡා ගුවන් කාන්තා පාඨමාලාව සාර්ථකව හැදැරූ කැඩෙට් නිලධාරීන්, නිලධාරිනියන්, ගුවන් භටයන් හා ගුවන් කාන්තාවන් විසිර යෑමේ පෙළපාළියේ දී මහත් අභිමානයෙන් යුතුව විසිර ගිය අතර මේ පෙළපාළියේ පෙළපාළි අණදෙන්නා ලෙස විංග් කමාන්ඩර් බුද්ධික බණ්ඩාර කටයුතු කරන ලදී.

මේ විසිර යෑමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි, අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් පිටර්සන් ප්‍රනාන්දු, ගුවන් හමුදා නිලධාරීන්, යුද, නාවික, පොලිස් නිලධාරීන්, සෙසු නිලයන්, ආධුනික කැඩෙට් නිලධාරීන්, කැඩෙට් නිලධාරිනියන්, ගුවන්භටයන් හා ගුවන් කාන්තාවන්ගේ මවුපියෝද මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න