දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි | දිනමිණ

දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

 අද (19) මධ්‍යම රාත්‍රී සිට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කිරීමට නියමීතව තිබු වර්ජනය හෙට (20) පස්වරු 02.00 තෙක් තාවකාලිකව කල් දැමීමට කටයුතු කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
 
ඒ අනුව හෙට (20) දිනයේ මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්විමට නියමීත සාකච්ඡාවෙන් පසු වර්ජනය පිළිබඳව තීරණය ගන්නා බව එම වෘත්තීය සමිති සදහන් කරනු ලැබේ. 
 
වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් මෙම වර්ජනයට දුම්රිය රියැදුරු ,නියාමක ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටියි.
 

නව අදහස දක්වන්න