ජනපති කොමිසම අද සාක්ෂි කැඳවයි | දිනමිණ

ජනපති කොමිසම අද සාක්ෂි කැඳවයි

2015 – 2018 කාල සීමාව තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා කිහිපයකට අදාළ පැමිණිලි විභාගය අද පැවැත්වෙයි.

කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යාමට මාසිකව අධික මුදලක් ගෙවමින් කුලී පදනම මත ලබා ගෙන ඇති ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද කොමිසම හමුවට කැඳවා ඇත්තේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් වන රසිකා අබේවීර නමැත්තියයි.

පෙරවරු 09.30 ට කොමිසම හමුවට පැමිණ සාක්ෂි ලබා දෙන ලෙස ඇයට දන්වා ඇතැයි ජනාධිපති කොමිසම පැවසුවේ ය.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම විමර්ශනයට සමගාමීව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී නිලූකා ජයසිංහට ද දැනුම් දී ඇති බවයි.

රාජගිරිය – ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යන ගොඩනැගිල්ලට මාසිකව ගෙවනු ලබන කුලී මුදල රුපියල් මිලියන 21 කට අධික වේ.

නව අදහස දක්වන්න