ඉදිරි වසර දෙක ඇතුළත විදුලි නිෂ්පාදනය අවම පිරිවැයක් යටතට | දිනමිණ


 

ඉදිරි වසර දෙක ඇතුළත විදුලි නිෂ්පාදනය අවම පිරිවැයක් යටතට

තවත් වසර දෙකක් ඇතුළත අවම පිරිවැයක් යටතේ විදුලි නිෂ්පාදනය සදහා යොමුවීම සාර්ථක කරගත හැකි බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 
 
“කැලණිතිස්ස ඇතුළු බලාගාර කිහිපයක වැඩි මිලක් යටතේ සිදුකරන විදුලි උත්පාදනය  නවත්තලා, ඒ වෙනුවට අවම මිලක් යටතේ සිදුවන උත්පාදන ක්‍රමවේදයන් දියත්කල යුතුයි. රු. 15.00ට රු 16.00 ට නිෂ්පාදනය කරන්න පුළුවන් විදුලි ඒකකයක් ඇයි අපි වැඩි මිලකට නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා රු. 55.00‍, රු.70.00 වගේ මිල ගණන් වලට සිදුකරන විදුලි නිෂ්පාදනයන් නවත්වන්න ඕන. එවැනි තීන්දු ගන්න එක අපි ඇද ඇද ඉන්න හොදනැහැ. වහාම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ යටතේ තවත් වසර දෙකක් ඇතුළත අවම පිරිවැයක් යටතේ විදුලි නිෂ්පාදනය සදහා යොමුවීම සාර්ථක කරගත හැකියි " යැයි ඇමතිවරයා කියා සිටියේය. 
 
ඒ මහතා මෙම අදහස් පළක‍ළේ, පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගික ජනතාවගේ පහසුව පිණිස හදුන්වාදුන් CEB Care මෘදුකාංගය හදුන්වාදිමේ අවස්ථාවට සහභාගිවීමෙන් පසුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමිනි.
 
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ “ සූර්යබල සංග්‍රාමයේ කිසිදු වෙනසක් නැහැ. අපිට අවශ්‍ය වුනේ සෑම දෙනාටම සාධාරණ ආකාරයේ එකම මිලක් ඇති කරන්නයි. මේ තත්ත්වය යටතේ ඕනම කෙනෙක්ට සූර්යබල උත්පාදනය කරන්න පුළුවන්. ඒක තමයි අපි පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට ලබාදෙන ශක්තිය.“ බවයි.
 

නව අදහස දක්වන්න