ට්‍රම්ප් ජනපති සටන අරඹයි | දිනමිණ

ට්‍රම්ප් ජනපති සටන අරඹයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 වසරේ පැවැත්වෙන  ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සනාථ කරමින් සිය මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කරයි. 
 
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු සදහන් කළේ වත්මන් ආණ්ඩුව තවත් වසර 4 ක් සඳහා තබා ගන්නා ලෙසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කණ්ඩායම් රට විනාශ කරන බවට චෝදනා කළේය. අස්ථාවරව පැවති රට තම පාලන කාලයේ දී ස්ථාවර තත්ත්වයට ගෙන ආ බවද ඔහු පැවසීය. 
 
ඔහුගේ මෙම ප්‍රකාශය පිළිබඳව එරට ඩිමොක්‍රොටික් පක්ෂ නායකයින් පවසන්නේ මෙය  රටේ අවසානය බවයි.

නව අදහස දක්වන්න