බිහාර් ප්‍රාන්තයේ මිය ගිය දරුවන් ගණන 103ක් වෙයි | දිනමිණ

බිහාර් ප්‍රාන්තයේ මිය ගිය දරුවන් ගණන 103ක් වෙයි

( ක්‍රිසන්ති විතාරණ)
 
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ එන්සෙෆලයිටිස් ‍යැයි සැක කෙරෙන රෝගයෙන් මිය ගිය දරුවන් සංඛ්‍යාව 103 දක්වා වැඩි වී තිබේ. 
 
අවම වශයෙන් රෝගීන් 200ක් පමණ රජයේ සහ පෞද්ගලික රෝහල් වල තවමත් ප්‍රතිකාර ලබන අතර ඒ අතරින් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 10 ට අඩු ළමයින් බව වාර්තා වේ.
 
ළමුන් මිය යාමට මූළික හේතුව ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ රුධිර සීනි  ඉතා අඩු මට්ටමකට පත් වීම වුවත් මොවුන් සියලු දෙනාම යම් කිසි විෂ බීජයක් ශරීර ගත වීමෙන් මොලය ආසාදනයට ලක්ව ඇති බවට සැක කෙරේ. ඒ පිළිබඳව තවත දුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බව ශ්‍රී ක්‍රිෂ්ණා වෛද්‍ය විද්‍යාල රෝහලය ප්‍රකාශ කරයි. 
 
මේ වන විට දිස්ත්‍රික්කයේ රජයේ මෙන්ම පුද්ගලික රෝහල් ද රෝගී දරුවන් ගෙන් පිරී පවතින අතර වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ග්‍රාමීය ප්‍රදේශ වලින් බව සඳහන්ය. 

නව අදහස දක්වන්න