ගිය වසරේ අවතැන් වූ සංඛ්‍යාව මිලියන 70 ඉක්මවලා | දිනමිණ

ගිය වසරේ අවතැන් වූ සංඛ්‍යාව මිලියන 70 ඉක්මවලා

ලොව පුරා පවතින යුද ගැටුම් සහ අර්බුද හේතුවෙන් පසුගිය වසරේ අවතැන් වූ සංඛ්‍යාව මිලියන 70 ඉක්මවන බව එක්සත් ජාතින්ගේ සංවිධානය වාර්තා කරයි. එම සංවිධානය පවසන්නේ වසර 70කට ආසන්න මෙහෙයුම් කාලය තුළ එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බවයි.

පෙර වසරට වඩා මිලියන 2 යි දශම 3 කින් අවතැන් සංඛ්‍යාව වැඩි වී ඇති බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි. සෑම දිනකම තිස්හත් දහසක පමණ පිරිසක් අවතැන්වන බව ද එම වාර්තාවේ සඳහන් වේ. සංක්‍රමණික ගැටලුව හේතුවෙන් මේ තත්ත්වය වර්ධනය වන බව ද වෙනිසියුලාව, සුඩානය, කාම්බෝජය, සිරියාව වැනි රටවලින් සංක්‍රමණය වන පිරිස වැඩිවීම හේතුවෙන් මේ තත්ත්වය වර්ධනය වී තිබෙන බව එක්සත් ජාතීන් සිය වාර්තාවෙන් අනාවරණය කරයි.

නව අදහස දක්වන්න