මාලිංග වෙනස් පන්දු යවන්නෙක් | දිනමිණ

මාලිංග වෙනස් පන්දු යවන්නෙක්

ඔයින් මෝගන්

‘මාලිංග වෙනස් පන්දු යවන්නෙක්. අප ඔහුට මුහුණදිය යුතු විදියට නෙවෙයි මේ තරගයේදී මුහුණ දුන්නේ. ඒත් ඔහුගේ දස්කම ගැන කිසිම විවාදයක් නෑ.’ පරාජයට පත්නොවෙතැයි සිතු තරගයක් පරාජයට පත්වීමෙන් පසුව එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් මාධ්‍ය හමුවට පැමිණියේ දැඩි කනගාටුව පිරි මුහුණින් යුතුවය.

‘ඕනෑම තරගයක කඩුලු අතර සම්බන්ධතාව තමයි වැදගත්. අපි ඒ අතින් හොඳටම හිරවුණා. හොඳ ඉනිම් දෙකක් තිබුණා. (ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්) ඒත් ඒවා ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නෑ.’ ඔහු පැවැසීය.

‘තරගයක් පරාජයට පත්වුණාම නැවත ශක්තිමත්ම ඊළඟ තරගයට මුහුණ දෙන්න පෙළඹිමක් ඇති කරවනවා. ආක්‍රමණශීලීව ක්‍රීඩා කරන්න පෙළඹීමක් ඇති කරනවා. අපි ඊළඟ තරගයේදි ආපහු නැගිටිනවා.’ ඔහු දැන් කියන්නේ එසේය. ‘පිතිකරුවන් හැටියට අපිට අපේ සුපුරුදු දස්කම් අතරට පිවිසීමට නොහැකිවුණා. අපිට ආපහු මුල සිටම පටන් ගන්න වෙනවා.’

නව අදහස දක්වන්න