ලසිත් මාලිංග පිලිස්සී මිය­යෑම: පියා සහ සුළු මව රිමාන්ඩ් | දිනමිණ

ලසිත් මාලිංග පිලිස්සී මිය­යෑම: පියා සහ සුළු මව රිමාන්ඩ්

ඌරුබොක්ක ගින්නලිය ප්‍රදේශයේ සිය නිවසේ නිදා සිටියදී පිලිස්සීමෙන් මියගිය 13 හැවිරිදි පාසල් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දරුවාගේ පියා සහ සුළු මව පසුගිය 21 දින මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මොරවක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ශශිකා මිතුන ආරච්චිගේ මෙනවිය විසින් සැකකාර අඹුසැමි යුවළ ලබන පූලි මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළාය.මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ ඌරුබොක්ක ගින්නලිය ඇල්ලහේන පදිංචි වයස අවුරුදු 40ක් වූ තලපලගේ ආරියසේන(පියා) සහ වයස අවුරුදු 38 ක්වූ සුබසිං ගමගේ සුනේත්‍රා කුමාරි (සුළුමව) යන අඹුසැමි යුවළයි.

ඌරුබොක්ක පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගිහාන් චමිල රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පැමිණිල්ල වෙනුවෙන් පොලිස් කොස්තාපල් ධනුෂ්ක(78230) මහතා අධිකරණයට කරුණු දක්වමින් පසුගිය මැයි 9 දින අලුයම(8 රාත්‍රි) 2.00 ට පමණ ගින්නලිය ඇල්ලහේන සිය නිවසේ සාලයේ නිදාගෙන සිටියදී ගිනි තබා ඝාතනය කළ 13 හැවිරිදි තලපලගේ ලසිත් මාලිංග නැමැති පාසල් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පියා සහ සුළු මව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි.

 

 ඌරුබොක්ක විශේෂ

ඒ.පි.දයාචන්ද්‍ර, මාතර සමූහ

නව අදහස දක්වන්න