LAUGFS ඉකෝ ශ්‍රී ‘තුරු­ලිය වෙනු­වෙන් අපි’ සමඟ එක් වෙයි | දිනමිණ


 

LAUGFS ඉකෝ ශ්‍රී ‘තුරු­ලිය වෙනු­වෙන් අපි’ සමඟ එක් වෙයි

මේ වසරේ ලෝක පරිසර දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණයේ පුරෝගාමීන් වූ LAUGFS ඉකෝ ශ්‍රී සමාගම, මෙරට උතුරු නැඟෙනහිර පළාතේ පිහිටි විල්පත්තු ස්වභාවික වන සංරක්ෂිතය යළි රෝපණය කිරීම සඳහා සහාය වන ලදි. මෙරට වර්තමාන සහ අනාගත පරම්පරාවන්ගේ පැවැත්ම සහ යහපත සඳහා ස්වභාවික පරිසරය සුරැකීමේ වැදගත්කම ඉස්මතු කරමින් LAUGFS ඉකෝ ශ්‍රී සමාගමේ තවත් එක් සමාජ සත්කාර ක්‍රියාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකා හමුදාව විසින් දියත් කරනු ලැබූ ජාතික රුක් රෝපණ වැඩසටහන වන ‘තුරුලිය වෙනුවෙන් අපි’ සමඟ සම්බන්ධවීම හරහා මේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කිරීමට LAUGFS ඉකෝ ශ්‍රී සමාගමට හැකි විය. විල්පත්තු වන සංරක්ෂිතය යළි රෝපණය කිරීමේ සමාජ සත්කාරය සනිටුහන් කරමින් නිල උත්සවයක් 54 වැනි කාණ්ඩයේ අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් සෙනෙරත් බණ්ඩාර මහතාගේ සහ වන්නි හමුදා ආරක්ෂක මූලස්ථානයේ උපදෙස් යටතේ පවත්වන ලද අතර, ඒ සඳහා මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

මේ වසරේ මුල LAUGFS ඉකෝ ශ්‍රී සමාගම එහි වාහන දුම් පරීක්ෂණ මධ්‍යස්ථානවල සේවකයන්, ගනුදෙනුකරුවන් හා ප්‍රදේශවාසීන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ඇතිව පැළ 4000ක් එකතු කර ගන්නා ලදි. එලෙස එකතු කර ගත් පැළ 4000ක පමණ ප්‍රමාණය ලෝක පරිසර දින “තුරුලිය වෙනුවෙන් අපි” වැඩසටහන සඳහා භාරදීම LAUGFS ඉකෝ ශ්‍රී සමාගමේ මෙහෙයුම් ප්‍රධානී සාලිය දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාගමේ අලෙවිකරණ සහ ව්‍යාපෘති කණ්ඩායම්වල සහභාගීත්වය ඇතිව සිදු කරන ලදි.

මේ වැදගත් අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් LAUGFS ඉකෝ ශ්‍රී ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බිමල් වීරසිංහ මහතා මෙසේ පැවැසුවේ ය. ‘ශ්‍රී ලංකාවේ සිදුවන වේගවත් සමාජ සහ ආර්ථික සංවර්ධන තුළ අපගේ පාරිසරික පද්ධතියට සිදු විය හැකි හානිය වැළැක්වීමට සහ අවම කිරීමට ක්‍රියා කිරීමට අපි අමතක නොකළ යුතුය. මේ සඳහා එක් උදාහරණයක් ලෙස විල්පත්තුව දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණයේ පුරෝගාමී සමාගමක් ලෙස LAUGFS ඉකෝ ශ්‍රී සමාගමේ අපි මේ පාරිසරික සම්පත් සුරැකීම සඳහා ක්‍රියාකාරීව දායක විය යුතුයි.

 

නව අදහස දක්වන්න