රටට සාමය පතා රැස් වී... | දිනමිණ


 

රටට සාමය පතා රැස් වී...

පාස්කු ඉරුදින වැනි ප්‍රහාර යළි සිදු නොවේවායි මෙන්ම රටට ජාතියට සෙත් පතමින් සාමය, සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනා කෙරෙන මහා ආශිර්වාද පිරිත් දේශනාව හා අධිෂ්ඨානමය පහන් පුජාමය පින්කමක් පෙරේදා (22) සවස ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අබියසදි පැවැත්විණ.

රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි ප්‍රමුඛ පන්සියයකට (500) අධික මහාසංඝරත්නයේ සහභාගිත්වයෙන් බුද්ධශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කැරිණි.

බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ පිංකම සංවිධාන කර තිබිණ.

ජායාරුප-අමිල ප්‍රභාත් වනසිංහ
අනුරාධපුර අතිරේක 

නව අදහස දක්වන්න