ඇමෝනියා දී එළුවන් මැරූ ගොවියා රිමාන්ඩ් බාලවයස්කාර පුතුට ඇප | දිනමිණ


 

ඇමෝනියා දී එළුවන් මැරූ ගොවියා රිමාන්ඩ් බාලවයස්කාර පුතුට ඇප

විෂ රසායන වර්ගයක් යොදාගෙන රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමින් යුතු එළුවන් දාහතර දෙනකු මරා දැමීම සම්බන්ධයෙන් තන්තිරිමලය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පිය පුතු දෙදෙනා අතරින් බාලවයස්කාර පුත්‍රයා ඇපමත මුදාහැර සැකකාර පියා ලබන 3දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ තන්තිරිමලය ඉදිවැව ප්‍රදේශයේ පදිංචි ගොවියෙකු වන අතර ඔහුගේ 15 හැවිරදි බාලවයස්කාර පුත්‍රයා ලක්ෂ දෙක බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළේය.

සැකකාර ගොවියා හා ඔහුගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කළ තන්තිරිමලය පොලිසියේ අපරාධ විමර්ශන නඩු මෙහෙයුම් අංශය කියා සිටියේ ඉදිවැව තන්තිරිමලය ලිපිනයේ පදිංචි එළුවන් ඇතිකරනා ගොවිපලක් පවත්වා ගෙනයන පුද්ගලයකු සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් විසින් පැමිණිලිකරුගේ රුපියල් 350000ක් වටිනා එළුවන් 14 දෙනෙකු විෂ රසායන ලබාදි මරාදමා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ කරගත් බව පොලිසි අධිකරණයට කීවේය.

සැකකරුවන් විසින් ඇමෝනියා රසායනය මිශ්‍රිත පොහොර වර්ගයක් වන යූරියා පොහොර ජලයට මුසුකර එළුවන් පිරිසට බීමට සලස්වා ඇති බවත් එම රසායනය සහිත ජලය පානය කළ එළුවන් පිරිස මියගොස් සිටියදී හිමිකරුට හමුවී තිබෙන බවත් පොලිසිය අධිකරණයට කීවේය. තන්තිරිමලය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක දිමුතු ගුණසේකර මහතාගේ උපදෙස් මත නඩු මෙහෙයුම් අංශය අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කරමින් කරුණු කීවේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න