ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි සේනාරත්න අවසන් ගමන් යයි | දිනමිණ


 

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි සේනාරත්න අවසන් ගමන් යයි

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි සේනාරත්න මහත්මිය ඊයේ (23) අභාවප්‍රාප්ත වූවාය. ඇය ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ බිරිය වේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටයදී ඇය මියගොස් ඇති අතර මිය යන විට 83වන වියේ පසු වූවාය.

ඉන්ද්‍රණි සේනාරත්න මහත්මියට දරුවන් තිදෙනෙක් සිටින අතර මේ වන විට ඇගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවෙහි තැන්පත් කර තිබේ. අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.

නව අදහස දක්වන්න